ඩෙරීඩා ගැන කතා කරමු.

රාමුව කැඩෙන විට පෙළ බිඳී යයි
ෂාක් ඩෙරිඩා

විසංයෝජනවාදය ගැන සාකච්ඡා කිරීමට ප‍්‍රථම කරුණු දෙකක් පැවසිය යුතු වෙයි. පළමුවැන්න නම් මෙහි දී පැන නගින දුරවබෝධාත්මක ස්වභාවයයි. දෙවැන්න නම් එය විස්තර කිරීමේ දී හමුවන නව සංකල්ප හැඳින්වීමට සිංහලයේ භාවිත වන පද පිළිබඳ ප‍්‍රශ්නයයි. මේ වාදය සාකච්ඡා කරන විට හමුවන වැදගත් පදයකි aporia යන්න.

මේ ‘ඇපෝරියා’ කුඩා කල මා පන්ති කාමරයේ දී ඇසූ කථා පුංචක ගැබ් වී තිබෙන අයුරු මා දැනගත්තේ විසංයෝජනවාදය කියවද්දී ය. පූර්ව ජ්‍යෙෂ්ඨ පන්තියේ දී මගේ ගණිත ගුරුතුමා Achilles and the tortoise නමැති කථාව කීවේ ගණිතයට එහි තිබු අදාළකමත් එහි තිබු රසවත් බවත් නිසා විය යුතු ය.

Achilles යනු ගී‍්‍රක හමුදාවේ ජවසම්පන්න ම සටන්කරුවා ය. ඇකිලීස්ට යාර කිහිපයක් ඉදිරියෙන් තබා තරගය අරඹන්න. ඇකිලීස්ට කිසි විටෙක ඉබ්බා පැරදවිය නොහැකිය.

අපි භ‍්‍රාන්ත වීමු. අනතුරු ව සිනාවන්නට වීමු. තමාට එය ඔප්ප කළ හැකි බවට ගුරුතුමා වහසි බස් දෙඩුවේ ය. අපි අභියෝග කෙළෙමු. ඉබ්බා සිටි තැනට ඇකිලීස් දිව යන විට ඉබ්බා ටිකක් ඉදිරියට ගොසිනි.

එතැනට ඇකිලීස් දිව යන විට ඌ තව ටිකක් ඉදිරියට ගොසිනි. නැවත ඇකිලීස් ඉබ්බා දැන් සිටින ස්ථානයට යන විට ඌ තව ටිකක් ඉදිරියට යනු ඇත. මේ අයුරින් බලන විට ඇකිලීස්ට කිසි විට ඉබ්බා පැරැද විය නො හැකි ය.

අප සිනහ වූ නමුදු අපට තර්ක නැති විය. තර්කයත් සැබෑවත් අතර නැතහොත් කියන දේත් යථාවත් අතර පරස්පරයක් ඇත. අද මම ප‍්‍රංශ ජාතික දාර්ශනික ෂාක් ඩෙරිඩා කියවා ඇති බැවින් ඒ තත්ත්වයට ‘ඇපෝරියාව‘ යයි කියමි.

ෂාක් ඩෙරිඩා (Jacques Derrida - 1930) යනු විසංයෝජනවාදයේ පුරෝගාමියා වන අතර, නූතන චින්තනයට ඉමහත් බලපෑමක් කළ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයෙකි. යුරෝපාකරයෙහි ඔහු ගේ බලපෑම පැතිරෙන්නට පටන්ගත්තේ ‘කථනය සහ ප‍්‍රපංචයෝ’(Speech an phenomena), “රචනය හා වෙනස”(Writing and difference) සහ “ව්‍යාකරණ විද්‍යාව පිළිබඳ (Of Grammatalogy) යන ග‍්‍රන්ථ 1967 දී එක්වර මුද්‍රණයෙන් බිහිවීමත් සමඟ ය.

”Deconstruction” යන පදය ද ඩෙරිඩා ගේ නිර්මාණයකි. අමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයයේ ආචාර්යවරුන් වන හිලිස් මිලර(J. Hillis Miller), පෝල් ඩී මාන් (Precence) යන අය ඩෙරිඩා ගේ මත එක්සත් ජනපදයේ ප‍්‍රචලිත කළ හ. සම්ප‍්‍රදායික ව ම බටහිර දර්ශනයේ ‘වත්මනයෙහි සිටීම’ (Metaphysics) පිළිබඳ පාර භෞතික විද්‍යාවක් (Ambiguity) ඇතුළත් විය.

රචනය කෙරෙන් මතුවන උභයාර්ථය (Absolute truth) මඟහැර කථනයේ සෘජු භාවය කෙරෙන් පරම සත්‍යය (logocentric) ස්පර්ශ කිරීමට කෙනකුට හැකි විය. වචනය සත්‍යය ලෙස, දෙවියන් ගේ වචනය ලෙස සැලැකෙන මේ ‘වදන් - කේන්ද්‍රීය’ (Nietzche) මතය විසින් කථනයට, රචනයට වඩා ප‍්‍රමුඛතාවයක් දී තිබිණි. කුමක් නිසා ද යත් කථක - ශ‍්‍රාවක සම්බන්ධය විසින් කථකයා අනුදත් සත්‍යයක් ශ‍්‍රවණය කරන්නේ ය, ශ‍්‍රාවකයා එය අවබෝධ කරගත්තේ ය යන මවා පෑම පැවැති හෙයිනි.

එහෙත් නීෂ ගේ (ව්ඪඥබලජඩඥ) මතයක් මෙතැන දී හරහට සිටියේ ය. එය වූ කලී සත්‍යයට දර්ශනවාදයේ ඇති අයිතිවාසිකම රඳ්‍ර පවත්නේ නිශ්චිතාර්ථය මඟ හරින උපමාලඣකෘත භාෂාව පාලනය කර ගැනීම කෙරෙනි. රචනය යන අරුතෙන් ගත් කල සියලු ම වාග්විද්‍යාත්මක සන්නිවේධන මාර්ග මූලික අවිනිශ්චිත තාවයන් ගෙන් උපලක්ෂිත ව ඇත.

සංස්ථිතිකවාද සලකුණු විද්‍යාවක් (Semiotics) ලෙස සියලු ම මානව විද්‍යාවන් කෙරෙහි ප‍්‍රබල බලපෑමක් ඇති කරන්නට විය. සාමාන්‍යයෙන් සිදුවන පරිදි ඊට ප‍්‍රතිවාදයක් (antitheses) ලෙස එය විචාරයට භාජනය වීම කෙරෙන් ඩෙරිඩා ගේ විසංයෝජනවාදය (Deconstruction) මෙය පශ්චාත් සංස්ථිතිකවාදයේ ව්‍යාප්තියේ අපේක්ෂාව අනාථ කරන ලදැ යි කිය හැකි ය.

ඔබ නූතන ශබ්ද කෝෂයක් පෙරළා mouse යන වචනයෙහි තේරුම බැලුවහොත් පළමු ව ඔබට මීයා යන තේරුම ද අනතුරු ව පරිගණකයේ එක් අවයවයක් වන මූසිකය යන්න ද ලැබේ. sphere යන වචනය ගන්න.

ප‍්‍රථමයෙන් ගෝලය ද ඉන් අනතුරු ව, විෂය ක්ෂේත‍්‍රය, බලපෑම ඇති ප‍්‍රදේශය, කි‍්‍රයා ප‍්‍රදේශය යනුවෙන් තේරුම විවිධාකාර වනු ඇත. කොටින් කියතොත් සූචකය එක් සූචිතයක් වෙත නො ව, සූචිත කණ්ඩායමක් වෙත ඔබ ගෙන යනු ඇත. ඒ කණ්ඩායමෙන් එකක්, වෙනත් කණ්ඩායමක් වෙත ඔබ කැඳවනු ඇත.

අප සූචකය හා සූචිතය වෙන් කොට ගැනීමට උත්සාහ කරන විට අර්ථයන් දම්වැලක පුරුක් සේ මතු ව ඈඳී එනු ඇත. ෂාක් ඩෙරිඩා ඒ අනු ව මේ සූචක - සූචිත සම්බන්ධය නිසා කථනයට රචනයට (writing) වඩා ප‍්‍රමුඛත්වය දීමේ දී ඇති වන වදන් - කේන්ද්‍රීය බව බැහැර කෙළේ ය. කථනයට ප‍්‍රමුඛතාව දීමෙන් සූචකය හා සූචතය සම්මිශ‍්‍රණ වීමක් හෙවත් විලයනය (fuse) වීමක් ඇති වන බව ඩෙරිඩා ගේ මතය විය.

එනිසා හෙතෙම රචනයට ප‍්‍රමුඛත්වය දෙයි. ඊට හේතුව වන්නේ තේරුම ලබාගැනීම සෑම විට ම පසුවට කල් දැමෙන නිසා ය. මතුවට එහි ප‍්‍රතිඅර්ථකථන (re-interpretations) බිහි වීමෙන් අවුල විසැඳෙනු ඇත.

මෙමඟින් සූචිතය සූචකයෙන් වෙන් කොට දමනු ඇත. අර්ථය කල් දැමෙයි. මෙතැන දී වෙනසකුත් කල් දැමීමකුත් යනුවෙන් ද්විත්ව කාර්යයක් සිදුවෙයි. වෙනස් කරනවා යන්නට ප‍්‍රංශ බසින් differer (differ) යනුවෙනුත් කල්දමනවා වෙනුවට deferer (defer) යන්නත් යෙදෙයි.

මේ ද්විත්ව කාර්යය ම අඟවන නාම පදයක් වශයෙන් දෙපිට කැපෙන වචනයක් හෙවත් ශ්ලේෂයක් (pun) යොදා ගනියි. එනම් differance යන පදයයි. රචනය කථනයට දෙවැනි වෙයි යන අදහස මෙන් ම රචනය මඟින් සූචකය හා සූචිතය අතර ඇති පරතරය දෙගුණ කරයි යන මතය ද ඩෙරිඩා විසින් එක හෙළා බැහැර කරනු ලැබේ. රූසෝ (1712-1778) විශ්වාස කෙළේ රචනය කථනයට ඌන පූරණයක් සපයන බව ය.

ඩෙරිඩාට අනු ව රචනය කථනයේ තැන ගන්නා අතර, ඊට තවත් දෙයක් ද එකතු කරයි. එහෙත් ඩෙරිඩා දාර්ශනිකයකු වශයෙන් කරන්නේ සබඳතාවල ධුරාවලී (hierachical) සකැස්ම ගෙන ඒවා දෙකොන මාරු කිරීමෙන් (කථනය - රචනය) මතුවන නව සබඳතාවන් නිෂේධනය කිරීමයි. සාහිත්‍යයේ දී මේ විසංයෝජන කි‍්‍රයාවලිය මඟින් සාහිත්‍ය කෘතියේ පෙළ (text) ඊට ම සාදාගන්නා රාමු ව කඩා බිඳ දමන්නේ කොතැනක කිනම් අවස්ථාවක දී ද යන්න සොයා ගැනීමට උදව් වෙයි. රාමුව කැඩෙන විට පෙළ බිඳී යයි.

ඩෙරිඩා ගේ Structure, sign and play in the Discourse of the human sciences” ලිපිය සලකමු. ඩෙරිඩා කරන්නේ සංස්ථිතිකවාදී අවස්ථාව (Structuralist Case) ඊට ම හිමි මිනුම් දණ්ඩකින් මැන බැලීමයි. සෑම සංස්ථිතියකට ම උරුම සංස්ථිතිකවාදී භාවය හෙතෙම දක්වා සිටියි.

සංස්ථිතිය තුළ හෝ ඊට පරිබාහිර ව පිහිටි කේන්ද්‍රයකින් පාලනය නොවන සංස්ථිතියක් ගැන සිතිය නොහැකි ය. සිය රචනයෙහි තෙවන පරිච්ඡේදයෙහි දී ම ඩෙරිඩා මෙසේ කියයි. “ඇත්ත වශයෙන් කේන්ද්‍රීයගත සංස්ථිතිය යන්න මූලික පදනමක පිහිටි, බිය සැක දුරු කරන විශ්වාසයක් සහ මූලික අචලතාවක් මත ගොඩනැගුණු නිදහස් චලනයක (Freeplay) සංකල්පයකි. එහෙත් එය පෙරළා එකී නිදහස් චලනයට ද දුරස්ත ව පිහිටියේ වෙයි.

” ඩෙරිඩා ගේ මේ කියමන ම ඇපෝරියාවකි. ඔහු භාවිත කරන පද - Freeplay, immobility, certitude - ඔහු ගේ ආනුෂංගිකත්වය (relativism) ප‍්‍රකට කරයි. ඉහත සඳහන් ඩෙරිඩා ගේ රචනයෙහි හෙතෙම ලෙවිස්ට‍්‍රාවුස් ගේ සංස්ථිතිකවාදය විචාරයට හසු කරයි.

ඔහු ගේ නිගමනයට අනු ව සියලු ම සංස්ථිතීන්හි ගම්‍ය ව පවතින නිහඬ උපකල්පනයක් පදනම් කොට ගත්තකි සංස්ථිතිකවාදය. සංස්ථිතිය හා එහි කේන්ද්‍රය අතර ප‍්‍රතිපක්ෂභාවයක් පවතියි. මේ ප‍්‍රතිපක්ෂභාවය නිසා සමස්ත සංස්ථිතියෙහි ම සමතුලිතභාවය රැකෙන අතර සංස්ථිතිය ඒ තත්ත්වය විසින් හසුරුවනු ලබයි. මේ හසුරුවාලීමෙහි න්‍යාය විසින් සංස්ථිතියෙහි නිදහස් චලනය සීමා කොට තබනු ලබයි.

ඩෙරිඩා ගේ මේ තර්කන මාර්ගය බෙහෙවින් වියුක්ත ය. දුරවබෝධාත්මක ය. මේ ආකාරයේ තර්කන මාර්ගයක් අප සාහිත්‍ය විචාරයේ සීමා රේඛාවලින් ඔබ්බට ගෙන යතැ යි කෙනකුට තර්ක කළ හැකි ය. ඔහු ගමන් කරන්නේ වාග්විද්‍යාවේ දාර්ශනික පදනමෙහි පිහිටා ය.

මනා පඨනයකින් පසු නිරවුල් කරගත හැකි දාර්ශනික පදනමක් ඔහු සතු ය. ඔහු ගේ තර්ක මාර්ගය අවබෝධකොට ගෙන ඒ මාවතේ යන පාඨකයාට පෙනෙන විශේෂ දෙය නම් ඔහු කියන දෙය ඇතැමකුට සත්‍යය මෙන් පෙනෙන අසත්‍යයෙකි.

පිළිගැනීමට අසීරු, වැදගත් සත්‍යයක් මගහැර ප‍්‍රකාශ කරන දෙයකි. තවත් කෙනකුට ඔහු ගේ වදන්වල තියුණු සත්‍යය නව සත්‍යයක් ගැබ් ව පවතියි. මෙය ඇතැමෙකු විසින් ඔහු notovrious philosopher යනුවෙන් හැඳින්වීමට හේතු වූවා විය හැකි ය.

විසංයෝජනවාදය යනු පශ්චාත් සංස්ථිතිකවාදය හඳුන්වන තවත් පදයක් බව යට කියන ලදී. සංස්ථිතිකවාදයට පදනම වූයේ වාග්විද්‍යාව නම් විසංයෝජනවාදයට පදනම වූයේ දර්ශනවාදයයි. රොලාන්ඩ් බාර්ත් වැනි සංස්ථිතිකවාදීහු වාග්විද්‍යාව පදනම් කරගෙන ඇරඹු ගමන කල් යත් ම දර්ශනවාදී පදනමකට නැඹුරු වූ බව පෙනේ.

ඔවුන් ඒ ආකාරයෙන් බලන විට පශ්චාත් සංස්ථිතිකවාදයේ ද ආරම්භක විචාරකයන් වූ බවකි පෙනෙනුයේ. එහෙත් දර්ශනය පදනම් කරගෙන තම මත ප‍්‍රකාශ කරමින් විසංයෝජනවාදියකු ලෙස පෙනී සිටිමින් සංස්ථිකවාදය විස්ථාපනය කරමින් මතුවී පෙරට ආවේ ෂාක් ඩෙරීඩා ය.

දැන් අපි විසංයෝජනවාදී විචාරය කෙබඳු ආකාර දැයි බලමු. බටහිර ඥාන විභාගය (epistemology)එනම් බටහිර මිනිහා ලෝකය ග‍්‍රහණය කරගෙන ඇති අයුරු කිනම් ආකාර වේ ද යන්න සොයා බැලීමේ දී බටහිර සංස්කෘතියෙහි ආයතන රාශියක් විසංයෝජනය කිරීමට ඔහුට සිදු විය.

ඔහු මෙය විස්තීර්ණ ලෙස කර ඇත්තේ මනෝ විග‍්‍රහය හා සාහිත්‍ය විචාරයට අදාළ ව ය. ඩෙරිඩා ගේ න්‍යායන් ගෙන් සහ සුවිශේෂ ව්‍යාඛ්‍යානවලින් මතු වන කරුණු තුනක් ඔහු ගේ සාහිත්‍ය න්‍යායයන් හා විචාරය කෙරෙහි බල පා ඇති බව පෙනී යයි.

ඒවා නම් ග‍්‍රාන්ථිකත්වය (textuality), අතීරණාත්මක භාවය (undecidebility) හා උපක‍්‍රම යනාදියයි.(textuality) යන පදය ඩෙරිඩා යොදන්නේ බොහෝදුරට සංස්ථිතිකවාදී අර්ථයෙනි.

එනම් ඥානනය කළ හැකි ඕනෑ ම දෙයක් අසමතා පද්ධතියක් තුළ පෙළක් (ග‍්‍රන්ථයක්) ලෙස නිරවුල් ව පැහැදිලි ව ප‍්‍රකාශ කිරීමයි. මෙය වාග්විද්‍යාත්මක නිර්වචනයකි. ඒ ග‍්‍රාන්තික බව වූ කලී ඒකාන්ත කොන්දේසි රහිත හෙවත් කේන්ද්‍රයකින් තොර, කිසියම් අස්ථායි බවකට ගොදුරු වන එකකි.

මේ අස්ථායි බව නිසා ය ඩෙරිඩා දක්වන(freeplay) නිදහස් චලනය ඇතිවන්නේ. විසංයෝජනවාදී අදහස පහසුවෙන් ම භාවිත විචාරය (Practical Criticism) සමඟ ගැලැපෙයි. මේ බව පෝල් ඩී මාන්, බාර්බරා ජොන්සන් වැනි විචාරකයෝ පිළිගනිති.

ඉහත සඳහන් කරන ලද කරුණු තුන ම එකිනෙකින් වෙන් කළ නොහැකි පරිද්දෙන් බැඳී ඇත. නිදසුනක් වශයෙන් ග‍්‍රාන්තිකත්වය විස්තර කරන විට අතීරණාත්මක භාවය ඇදී එන අතර, ඒ දෙක ම උපක‍්‍රම ද වන බව අපට ඒත්තු යයි.

විසංයෝජනවාදී සාහිත්‍ය විචාරයේ ඉතා තීරණාත්මක ලක්ෂණය නම් උපක‍්‍රම යයි. සාහිත්‍යය පිළිබඳ විසංයෝජනවාදී විචාරයට දෙකොන මාරු කිරීම් (reversing) සහ නැවත සටහන් කිරීම (Reinscription) ඇතුළත් වෙයි. එය සිදුවන්නේ කිසියම් විනෝදජනක ආකාරයකිනි.

එහෙත් ඒ යටින් පවතින්නේ සිතාමතා ම කැරෙන මූලික කඩාබිඳ දැමීමකි. ඩෙරිඩා ගේ සාහිත්‍ය අනුගාමිකයන් (පොල් ඩී මාන්, බාර්බරා ජොන්සන්) නිෂ්පාදනය කොට ඇත්තේ කෘතියක පෙළ විසංයෝජනයට භාජනය කරන විචාරයකි. Deconstruct යන පදය කඩා බිඳ දැමීමකට වඩා විග‍්‍රහය ගම්‍ය කරතියි සිතේ. මේ විසංයෝජන කි‍්‍රයාවලියේ දී කැරෙනුයේ ප‍්‍රතිවිරුද්ධ මූල ද්‍රව්‍යයන් ඉතා විස්තරාත්මක විග‍්‍රහයන් මඟින් හෙළිදරව් කිරීම ය.

විවෘතියකට (Explication) භාජන කිරීම ය. ඒ කි‍්‍රයා මාර්ගයේ අවසානය යනු ඇපෝරියාව හෙවත් එකට එක නොගැලපෙන (අසංගත) අර්ථයන් පරිණාමී නොවන, ප‍්‍රතිසන්ධානගත කළ නොහැකි ලක්ෂ්‍යය කරා ළංවීම ය.

එවැනි කි‍්‍රයා මාර්ගයක් සඳහා නිරුක්ති විද්‍යාත්මක මූලයන් සොයාගෙන හෝ මුඛ්‍ය පදවල විවිධාර්ථ අනාවරණය කරගැනීමට ඕනෑකරන විස්තරාත්මක වාචික විග‍්‍රහයන් අවශ්‍ය වෙයි. විසංයෝජනාත්මක රචනාවල සාහිත්‍යයත් විචාරයත් අතර සීමා රේඛා බොඳ වී යනු පෙනෙයි.

ඊට හේතු දෙකකි. එකක් නම් සුපුරුදු විචාරක ශෛලිය, ප‍්‍රවේශයන් හා ආකල්ප අතික‍්‍රමණය කිරීමට ඇති අභිලාෂයයි. අනෙක සූචකයන් දාමයකට තවත් සූචක දාමයක් හැර එකී සූචක දාමයට සරිලන සාමූහික සත්‍යයක් සැපැයිය නොහැකි වීම ය.

එවැනි විචාර ක‍්‍රමයක් මතභේදාත්මක වීම නොවැළැක්විය හැකි ය. විසංයෝජනවාදී විචාරය ව්‍යුහාත්මක නැතහොත් සෞන්දර්යවාදී ප‍්‍රවේශයකින් යුක්ත යැයි විචාර එල්ල වී ඇත. ඊට හේතුව නම් එය ස්වයං තෘප්ත පැවැත්මක් හිමි වාග්විද්‍යාත්මක පද්ධතියක් වන බැවිනි.

උපුටා ගැනිම http://www.silumina.lk/punkalasa/20071021/_art.asp?fn=ar0710215




ඩෙරීඩියානු විසංයෝජනය හෙවත් බෞද්ධ අනිත්‍ය සංකල්පය

සාරාංශය

නිකලස්‌ රොයිලේට (2003) අනුව ජැක්‌ ඩෙරීඩාගේ (1930-2004) කෘතීන් හඳුනා ගැනීමට වැඩියෙන්ම යොදන වචනය "විසංයෝජනය" යන්නය (පී. 23) ඔහුටම අනුම එම වචනය, 1970 දශකයේ අග භාගයේද (1980 දශකයේදී විචාර පූර්වක ක්‍රමවේදයක්‌ හෝ උපකරණයක්‌ ලෙස හඳුනා ගැනුණි. (එම)

විසංයෝජනය පිළිබඳ සංකල්පය ඩෙරීඩා විසින් සපයා ගනුයේ ජර්මන් ජාතික මාර්ටින් හයිඩෙගර්ගෙනි. හයිඩෙගර් එය නීට්‌ෂේගෙන්ද නීට්‌ෂේ එය බුදුන් වහන්සේගෙන්ද සපයා ගත් බව මෙම ලිපියේදී යෝජනා කෙරේ. මෙම ලිපියෙහි ශාස්‌ත්‍රීය ක්‍රමවේදය වන්නේ වංශාවලි කථනය තුළින් කිසියම් සංකල්පයක නියම ස්‌වරූපය හඳුනා ගැනීමය. එය හයිඩගෙරියානු හා නීට්‌ෂියානු ක්‍රමවේදයකි. ඒ අනුව මෙම ලිපියෙහි අරමුණ විසංයෝජන සංකල්පයේ වංශාවලි කථනයක්‌ කොට එම සංකල්පය බෞද්ධ අනිත්‍යතාව සමග තුලනාත්මක අධ්‍යයනයකින් එකී සංකල්පයට හිමි තැන වත්මන් දැනුම් පද්ධතිය මත සිතියම් ගත කිරීමය. මෙහි විසංයෝජනය යන්න මූලාශ්‍රමය වශයෙන් බොහෝ සෙයින් පදනම් වන්නේ ඩෙරීඩා විසින් විසංයෝජනය විස්‌තර කරමින් 1983 ජුලි මස 30 වැනිදා ජපන් ජාතික මහාචාර්ය ඉසුසු වෙත යවන ලද Letter to a Japanese Friend (1883) නම් ලිපියයි.

ඩෙරීඩා

1930 ඇල්ජීරියාවේ ඇල්පියස්‌ හිදී යුදෙව් ජාතික දෙමාපියනට දාව ජැක්‌ ඩෙරීඩා උපත ලබන්නේය. හෙතෙම වයස 19 දී ඇල්පියස්‌ සිට ප්‍රංශයට සංක්‍රමණය වන්නේය. මේ අතර දෙවරක්‌ම ප්‍රතික්‌ෂේප වී තෙවනවර දී ඩෙරීඩා, සාත්‍රේ ආදීන් තම වෘත්තීන් ඇරඹු ප්‍රසිද්ධ Ecole Normale Superieure නම් උසස්‌ අධ්‍යාපන ආයතනයෙහි ඔහුට අධ්‍යයන අවස්‌ථාවක්‌ උදාවන්නේය. ඩෙරීඩාගේ දාර්ශනික චින්තාවන් මුල් අවධියේ සිටම බොහෝ විට සකස්‌ වන්නේ ප්‍රීඩ්රිෂ් නීට්‌ෂේ, මාර්ටින් හයිඩෙගර්, සිග්මන් ප්‍රොයිඩ්, පර්ඩිනැන්ඩ් සොසීය, එඩ්මන්ඩ් හුසල් ආදී චින්තකයින් හරහාය.

පොදු නිර්වචනය හා අර්බුදය

විසංයෝජනය යන වචනයේ නැවුම් හා කුතුහලජනනීය ස්‌වභාවය තුළින් උපන් ජනප්‍රියත්වය නිසාම එය හැත්තෑව දශකයේ හා ඊට පසුව සංස්‌කරණය කරන ලද සෑම ප්‍රධාන ධාරාවේ ශබ්ද කෝෂයකම හෝ විශ්ව කෝෂයකම ප්‍රමුඛස්‌ථානයක්‌ හිමිකර ගත්තේය. එකී සංස්‌කරණවල එන පරිදි අදාළ සංකල්පය (?) විමසා බැලීම එම සංකල්පය පිළිබඳ පවතින පොදු ලෞකික ඥනය සිතියම්ගත කිරීමට විශාල රුකුලක්‌ වනු නියතය.

ප්‍රමුඛ විමර්ශන මූලාශ්‍රයක්‌ වන ඔක්‌ස්‌ෆර්ඩ් ඉංගී්‍රසි ශබ්දකෝෂයට අනුව විසංයෝජනය යනු "විචාර පූර්වක විශ්ලේෂණ උපක්‍රමයකි" තවද කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයීය ප්‍රකාශනයක්‌ වන නූතන සාහිත්‍ය න්‍යාය පිළිබඳ වූ විශ්වකෝෂය, විසංයෝජනය යන්න "1960 දශකයේ අග භාගයේ ප්‍රංශයේ හටගත් දාර්ශනික ගුරුකුලයක්‌ ලෙස" නිර්වචනය කරන්නේය. බ්ලැක්‌වෙල් ප්‍රකාශනයක්‌ වන සාහිත්‍ය වාංමාලා හා සාහිත්‍ය න්‍යාය පිළිබඳ ශබ්දකෝෂය, "විසංයෝජනය" දකින්නේ "විචාර ක්‍රමවේදයක්‌ හා විශ්ලේෂණාත්මක විමර්ශන විධියක්‌" ලෙසය.

ඉහත පෙළ ගස්‌වන ලද සෑම නිර්වචනයකටම අනුව විසංයෝජනය යන්න කිසියම් විශ්ලේෂණයක හෝ විධි ක්‍රමයක හෝ මෙවලමක ස්‌වභාවය අත් කරගෙන තිබේ. ඒ අනුව මෙවලම හෝ විධිය භාවිත කරමින් කෙනෙකුට "විසංයෝජනය කළ හැකි" වන්නේය. "විසංයෝජකයා" බිහිවන්නේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසය.

විසංයෝජනය තේරුම් ගැනීමේදී ඩෙරීඩා තරම් අන් කවර අධිකාරියක්‌ හෝ වැදගත් විය යුතු නැත. 1983 දී ඩෙරීඩා විසින් විසංයෝජනය යන්න අති පැහැදිලි අකුරින් විස්‌තර කරමින් ජපන් ජාතික මහාචාර්ය ඉසුසු වෙත ලිපියක්‌ ලියන්නේය. එහිදී ඩෙරීඩා තම අදහස සරලව පැහැදිලි කරන්නේ ඒ පිළිබඳ පවතින බොහෝ විශ්වාස සුණුවිසුණු කරමිනි. ඊට අනුව "විසංයෝජනය යනු විශ්ලේෂණයක්‌ද විචාරයක්‌ ද නොවේ. විශේෂයෙන්ම එය (විසංයෝජනය) විශ්ලේෂණයක්‌ නොවන්නේ කිසියම් ව්‍යqහයක්‌ කඩා බිඳ දැමීමක්‌, වෙනත් කිසියම් සරල ධාතුවකට හෝ කඩා බිඳ දැමිය නොහැකි මූල ධාතුවක්‌ වෙතට හෝ ගමන් නොකරන බැවිනි. කඩා වැටෙන වටිනාකම් ද අදාළ විශ්ලේෂණය සේම විසංයෝජනයට ලක්‌වන දාර්ශනික සංස්‌කාරයන් වන්නේය. ඩෙරීඩා තවදුරටත් ලියයි. විසංයෝජනය යනු සාමාන්‍ය අර්ථයෙන් හෝ කාන්ටියානු අර්ථයෙන් කෙරෙන විචාරයක්‌ ද නොවේ. එය ක්‍රමවේදයක්‌ හෝ ක්‍රමයක්‌ද නොවේ. විසංයෝජනය එවැන්නකට හැරවිය ද නොහැකිය. විසංයෝජනය කිසියම් ක්‍රමවේදාත්මක මෙවලමකට හෝ නීති පද්ධතියකට හෝ පටිපාටියකට ඌණනය කළ නොහැකිය. පැහැදිලිවම කිව යුත්තේ විසංයෝජනය යනු ක්‍රියාවක්‌ හෝ මෙහෙයුමක්‌ ද නොවන බවය.

ඩෙරීඩා විසින් විසංයෝජනය අර්ථ ගන්වන ආකාරයට අදාළ සංකල්පය (?), විශ්ලේෂණයක්‌ හෝ මෙවලමක්‌ හෝ ක්‍රමවේදයක්‌ හෝ ලෙස කතා කළ සියලු විශ්වකෝෂ හා ශබ්ද කෝෂගත නිර්වචන අනාථ වන බව සඳහන් කළ යුතුය. එකදු ඥන සම්ප්‍රදායක්‌ හෝ අදාළ සංකල්පය තුළින් ඩෙරීඩා අපේක්‍ෂා කළ ප්‍රායෝගික අර්ථය නිවැරදිව ග්‍රහණය කරගෙන නැති බව පැහැදිලිය. විටෙක මෙම විශ්ව කෝෂ සම්පාදකයෝ ඉරනම්කාරී ලෙස ඩෙරීඩා අනුවම යමින්, "කර්තෘගේ අරමුණ" එනම් විසංයෝජනය පිළිබඳ ඩෙරීඩාගේම අදහස (විස්‌තර සඳහා බලන්න (OG 158) සැලකිල්ලට නොගත්හ.

විසංයෝජනයේ ඉතිහාසය හා විකාශනය

විසංයෝජනය තමා වෙත පැමිණි ආකාරය ඩෙරීඩා විස්‌තර කරන්නේය. ඩෙරීඩාට "අවශ්‍ය වූයේ හයිඩෙගරියානු වචනයක්‌ වූ Destruktion හෝ Abbau (dismantle) යන වචන පරිවර්තනය කිරීම හා ඒවා තම අරමුණු සඳහා සකසා ගැනීමය, ඩෙරීඩා ම පවසන පරිදි Destruktion යන පදය, ප්‍රංශ භාෂාවෙහි නිශේදනාත්මක අර්ථයක්‌ හෝ නිශේදනාත්මක ඌණනය කිරීමක්‌ අර්ථවත් කරන්නේය. ඒ අනුව තමා විසින් යෝජනා කරන කියවීම් රටාවට හාa හයිඩෙගරියානු අර්ථකථනයට ගැලපෙන පදයක්‌ සොයන ඩෙරීඩාට එක්‌ වරම Destruktion යන වචනය Littre නමින් පොදුවේ හැඳින්වෙන Emile Paul Littre (1801-1881) නම් ප්‍රංශ නිරුක්‌තිකරුවාගේ ශබ්ද කෝෂයේ තිබී හමුවන්නේය. (Letter to a Japanese-1)

හයිඩෙගර් යනු කවරෙක්‌ද?

එඩ්මන්ඩ් හුසල්ගේ මුල්කාලීන මිත්‍රයෙකු වූ හයිඩෙගර් ජර්මනිය හිට්‌ලර්ට නතුවීමත් සමගම දේශපාලනයට පිවිසෙයි. හිට්‌ලර්ගේ බලය තුළින් ප්‍රයිබ්‍රග් විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට පත්වන හෙතෙම 1933 මැයි මස 3 දා නාසි පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. පිලිප්සේට අනුව මුළු පයිබ්‍රග් විශ්වවිද්‍යාලයම නාසි ධර්මයට පෙරළීමට හයිඩෙගර් දැඩි ලෙස වෙහෙස වූවේය.

කෙසේ වෙතත් හබමාස්‌ සඳහන් කරන ආකාරයට පශ්චාත්නූතනවාදය සංවර්ධනය කිරීමෙහිලා හයිඩෙගර් කෙරෙන් ලැබුණු සහය අති විශාලය. ඒ අනුව ජර්මනියෙන් ප්‍රංශයට ගොස්‌ පශ්චාත් නූතනවාදය ලෙස උපත ලබන දර්ශනය (?) එක්‌ ප්‍රවණතාවක්‌ නීට්‌ෂේගෙන් බටාලි හරහා ෆුකෝට ද, අනෙක නීට්‌ෂේගෙන් හයිඩෙගර් හරහා ඩෙරීඩාට ද ගමන් කළ බව හබමාස්‌ සඳහන් කරයි.

විසංයෝජනය වෙත නව මානයක්‌

ඩෙරිඩාට ම අනුව Destruktion නම් හයිඩෙගර්ගේ සංකල්පය ආශ්‍රයෙන් ඔහුගේ විසංයෝජනය පිළිබඳ සංකල්පය සකසා ගැනීම ඥන විභාගාත්මක අතින් සෑහෙන වැදගත් කමක්‌ උසුලන බව අපගේ විශ්වාසය වන්නේය. ඒ හරහා, විසංයෝජනය මතට නව මානයකින් ආලෝකයක්‌ පතිත කිරීමට හැකිවීම එම වැදගත්කමය.

හයිඩෙගර්, ඩෙරීඩාට දුන් ස්‌වකීය Destruktion නම් සංකල්පයේ අරමුණ පැහැදිලි කරමින් පහත ප්‍රකාශය කරන්නේ ඔහුගේ ප්‍රසිද්ධ Die Sein und Zeit නම් කෘතියේය. "සම්ප්‍රදාය ස්‌වාමිත්වයට පත්වන විට සිදුවන්නේ එමගින් විකාශනය කරන දෙයට ළං වීමට ඇති ඉඩකඩ ඇහිරීමය. එවිට එය බොහෝ සෙයින් සැඟවුණු ස්‌වභාවයක්‌ ගන්නේය. පරම්පරානුගතව පැමිණි දෙය සම්ප්‍රදාය විසින් රැගෙන එයම යළිත් ප්‍රත්‍යක්‍ෂය සේ අප වෙත භාර දෙන්නේය. මේ අතර මෙකී සංකල්පයන් හා ප්‍රවර්ගයන් උපත ලද ප්‍රාථමික මූලාශ්‍රය වෙත යැමට තිබෙන ඉඩ සම්ප්‍රදාය මගින් අසුරා ලන්නේය. එපමණක්‌ නොවේ මෙම සංකල්පයන්ට මෙවන් උපතක්‌ තිබෙන බවද සම්ප්‍රදාය අපට අමතක කරවන්නේය.  ඒ නිසාම සත්වයා පිළිබඳ ප්‍රශ්නය විනිවිද දැකීමට නම් මිදීගොස්‌ තිබෙන සම්ප්‍රදාය ලිහිල් කළ යුත්තේය. එහි රහස්‌ දිය කළ යුතුය. අප මෙම කාර්යය තේරුම් ගනුයේ සත්වයා (being) පිළිබඳ ගැටලුව ඉඟිය ලෙස ගෙන එහි ප්‍රාථමික අනුභූතියට අප පැමිණෙන තුරු සත්තාවේ සම්ප්‍රදායික අඩුම කුඩුම විනාශ කිරීම (Destruktion) ලෙසය. (එම P.44)

හයිඩෙගර්ගේ ඉහත ප්‍රකාශය මනාව තේරුම් ගැනීමට නම් ඔහු සපුරා තම ව්‍යපෘතිය තුළ භාවිත කරන නීට්‌ෂේ-උරුමය වෙත අපගේ අවධානය යොමුවිය යුතුය. මන්ද, හයිඩෙගර්ගේ ඉහත ප්‍රකාශය පැහැදිලිවම නීට්‌ෂේ පසුබිමෙහි තබාගෙන කළ ප්‍රකාශයක්‌ බව තහවුරු කරගත හැකිය.

නීට්‌ෂේ සහ හයිඩෙගර්ගේ නීට්‌ෂියානු උරුමය

19 වැනි සියවසෙහි ජර්මනියට පහළ වන ප්‍රීඩිරිෂ් නීට්‌ෂේ Friedrich Niestszchr 1844-1900 නම් චින්තකයා නූතන බටහිර දර්ශනය පූර්ණ වෙනසකට ලක්‌කරන්නේය. නීට්‌ෂේගේ ප්‍රමුඛතම යෝජනාව වනුයේ ලෝකයේ සකලවිධ වටිනාම් කණපිට පෙරළිය යුතු බවයි. තවදුරටත් ඔහු පවසන්නේ නිර්මාපකයකු වියයුතු අයෙක්‌ පළමුවෙන් ම විනාශකයෙක්‌ විය යුත්තේය. වටිනාකම් විනාශ කළ යුත්තේය යනුවෙනි. මේ අතර නීට්‌ෂේගේ ඉහත සංකල්පය වටිනාකම් කණපිට පෙරළීම ලෙස අප විසින් මෙහිදී නම් තැබුවද අන් තැන එය විනාශ කිරීම ලෙස ද දක්‌වා තිබේ. විශේෂයෙන්ම ඩෙරීඩා විසින් එය හඳුන්වා තිබෙන්නේ නීට්‌ෂියානු විනාශ කිරීම  ලෙසය.

නීට්‌ෂේගේ වටිනාකම් කණපිට පෙරළීම හෝ ඩෙරීඩාට අනුව "වටිනාකම් විනාශ කිරීම" පිළිබඳ සංකල්පය ඔහුගේ (නීට්‌ෂේගේ) ලෝකයේ අනිවාර්ය අංගයක්‌ ලෙස දැක්‌විය හැකිය. ඊට හේතුව නීට්‌ෂේ සකලවිධ විශ්වය පිළිබඳවම අනිත්‍යතාව පිළිගැනීමයි. හෙතෙම තම Also sprach Zatathustra (Thus Spake Zarathustra) කෘතියේ දී පහත එන පරිදි ලියා තබන්නේ එනිසාය. "සියල්ල යයි සියල්ල එයි. සංසාර චක්‍රය සදාකාලිකව පෙරළෙයි. සියල්ල මියෑදෙයි. සියල්ල යළි ඉපදෙයි. සංසාර චක්‍රය සදාකාලිකවම පෙරළෙයි. එකම සංසාර මන්දිරය සදාකාලිකව ගොඩනැඟේ. සංසාර චක්‍රය සදා කල් එකසේ පවතී.

බටහිර අභිධර්මයන් විනාශ කිරීමේ ව්‍යාපෘතියේදී නීට්‌ෂේ නැඟී සිටින වේදිකාව ඉහත කී අනිත්‍ය සංකල්පයයි. සියල්ල අනිත්‍ය වන අතර ආත්මය, කර්තෘ, දෙවියන් වහන්සේ ආදී සියල්ල හුදු භාෂා ප්‍රලාප පමණකි. ලෝකයම එකම සන්තතියක හෝ ප්‍රවාහයක (ඤබඑසබමමප) පවත්නේ නම් (Fරදැයබකසජයෑ උසිseබිජය්ඓථ 44) කිසිදු තිර ආත්මයක්‌ දෙවියෙක්‌ හෝ කර්තෘ කෙනෙක්‌ ඊට හසුනොවී පැවතිය හැකිද යන්න නීට්‌ෂේ නගන මූලිකම ප්‍රශ්නයයි. බටහිර ශිෂ්ටාචාරය දෙදරුම් කැවූ ඉහත ප්‍රශ්නය පසුකාලීනව එකී ශිෂ්ටාචාරය දෙස නව මානයන්ගෙන් බලත හැකි නව ඥන ප්‍රවණතා විශාල ප්‍රමාණයක්‌ ඇති වීමට තුඩු දුන්නේය.

බුදුදහම කුළුගෙඩියක්‌ ලෙස යොදා ගැනීම

අනිත්‍ය සංකල්පය පදනම් කරගෙන නිපන් නීට්‌ෂේගේ වටිනාකම් විනාශ කිරීම ප්‍රධාන වශයෙන්ම පෝෂණය වන්නේ බුදුදහම හරහාය. උසකක එද ඡදඇර කෘතියේ එන පාඨයකින් නීට්‌ෂේ විසින් තම ව්‍යාපෘතියේ දී ඒ සඳහා බුදුදහම යොදාගත් බව තහවුරු කරත හැකිය. 1885 දී කරන එම ප්‍රකාශය පහත එන පරිදිය. එනම් "කුළු ගෙඩියක්‌ ලෙස යොදාගනු වස්‌ යුරෝපියානු බුදුදහමක්‌ අනිවාර්යයෙන්ම උවමනා වනු ඇත" (උසකක එද ඡදඇර (උඡ)ථ 132) යන්නය. කුලු ගෙඩියක්‌ යොදා ගන්නේ බිඳ හෙළීම හෝ විනාශ කිරීම සඳහාය. ඒ අනුව ඔහු බුදුදහම හරහා එම කාර්යය කළ හැකි බව සිතුවේය.

එසේ සිතීමට ඔහුට හේතුවක්‌ තිබුණි. නීට්‌ෂේට අනුව බුදුන්වහන්සේ යනු ලෝක දුකට එරෙහිව යන "ගැඹුරු වෛද්‍යවරයෙකි." (එසැෙe ඡයහිසකදට ඊමාdය්) (Eජජද Hදපදථ14) බුදුදහම යනු ඉතිහාසය තුළ හමුවන එකම සුබවාදී හා යථාර්ථවාදී ධර්මය බවද ඔහු පෙන්වා දෙයි. (Aබඑසජයරසිඑ (AC)ථ 20) නීට්‌ෂේ වරක්‌ ප්‍රකාශ කළේ තමන් යුරෝපයේ බුදුන් බවය. (ඵසිඑරහල Fථ1981ථ2) ඔහුගේ අසකක එද චදඇර කෘතියට අනුව නීට්‌ෂේට අවශ්‍ය වූයේ "යුරෝපීය බුදුදහමක්‌" හඳුන්වා දීමටය. (උඡථ5)

හයිඩෙගර්ගේ Desඑරමනඑසදබ සංකල්පයේ උපත

නීට්‌ෂේගේ දර්ශනය අළලා කෘති දහයකටත් වඩා රචනා කරන හයිඩෙගර් නීට්‌ෂේගේ ප්‍රධාන දාර්ශනික කාරණා 5 ක්‌ ගෙනහැර දක්‌වන්නේය. ඒවා නම් වටිනාකම් කණපිට පෙරළීම, උත්තරමනුස්‌ස, ශුන්‍යතාව, බලාපේක්‍ෂාව හා පුනරුප්පත්තියයි. (ඡැaරිදබල ණගAල ed 1991ථ283) පෙර සාකච්ඡා කළ පරිදි හයිඩෙගර්ගේ Dසැ Seසබ මබා Zeසඑ නම් කෘතියට අනුව Eesඑරමනඑසදබ නම් සංකල්පයේ අරමුණ වූයේ න්‍යාය හා සිද්ඬාන්ත ජනිත වීමට බලපෑ මුල්ම අත්දැකීම හෝ අනුභූතිය සොයා ගැනීමයි. එසේ මුල් සොයා යැමේ ක්‍රමවේදය හයිඩෙගර්ට හමුවන්නේ නීට්‌ෂේ ඇසුරෙන් බව ප්‍රථමයෙන් සඳහන් කළ යුතුය. නීට්‌ෂේගේ ධබ ඨැබැදකදටහ දෙ ඵදර්ක කෘතියද එවන් ප්‍රයත්නයකි. එහි නමම ඊට සාක්‍ෂි දරනු ඇත. ඨැබැදකදටහ යනු සිංහලෙන් වංශාවලිය (ඵ්ක්‌ක්‌seන්ර් Sසජඑසදබ්එහ චථ569) යන අරුත් දෙන පදයකි. ආචාර ධාර්මික අගතීන් හි සම්භවය පිළිබඳ නීට්‌ෂේගේ සිතුවිලි පළමුවෙන්ම ඔහු විසින් කෙටි හා තාවකාලික ප්‍රකාශන ලෙස ලීවේ Hමප්බල Aකක-එදද Hමප්බ නම් කෘතියේය. " ඒ සංචාරකයෙකුට ගිමන් හරින්නට අවස්‌ථාව ලද විට ඔහු තමා මෙතැනට පැමිණි පුළුල් මෙන්ම භයානක භූමිය දෙස අවලෝකනය කරන්නා සේ (ධඨඵථ 1) ය. මෙසේ කිරීමේ අරමුණ ද නීට්‌ෂේ පැහැදිලි කරයි. එනම් මිනිස්‌සු මෙම වටිනාකම් ඉබේ පහළ වූ ප්‍රත්‍යක්‍ෂ වූ හා කිසිදු විවාදයකින් තොර වූ ඒවා (ධඨඵ ථ 2) සේ ගනිති. න්‍යාය හා සිද්ධාන්ත විනාශ කොට ඒවාහි ප්‍රාථමික අනුභූතිය සෙවීමේ අරමුණ නීට්‌ෂේගේ සේම හයිඩෙගර්ගේ ද සමානය. හයිඩෙගර් පවසන්නේ පරම්පරාවෙන් පැමිණි දෙය සම්ප්‍රදාය විසින් ගෙන ප්‍රත්‍යක්‍ෂය සේ යළි අප වෙත භාරදෙන බවය. (Heසාeටටැරල ඵල 1962ථ42) තවදුරටත් කල්පිතයන් ගැන කතා කරන නීට්‌ෂේ මෙම ප්‍රබන්ධයන් දැන් එහි කල්පිත උපතට එරෙහිව නොයන තරමටම ඇබ්බැහියක්‌ වී ඇත්තේය. යනුවෙන් සඳහන් කරයි. (උඡථ268) පැහැදිලිවම නීට්‌ෂ්ගේ මෙම පාඨය සිතෙහි තබාගෙන හයිඩෙගර් Dසැ Seසබ මබා Zeසඑ හි ලීවේ " එපමණක්‌ නොව මෙම සංකල්පයන්ට මෙවන් උපතක්‌ තිබෙන බවද අපට අමතක කරවයි" (Heසාeටටැරල ඵ 1962ථ42 ) යනුවෙනි. කරුණ මෙසේ හෙයින් හයිඩෙගර්ගේ desඑරමනඑසදබ යන්න පැහැදිලිව ම අදාළ ක්‍රමවේදය අතින් පමණක්‌ නොව යොදාගත් වචන වලින්ද නීට්‌ෂියානු බව පැහැදිලිය.

මෙකී නීට්‌ෂියානු "වංශාවලිවේදය" සමකාලින හා පසුකාලීන චින්තකයන් වෙත කෙතරම් ප්‍රබල බලපෑමක්‌ එල්ල කරන්නේද කිවහොත් එය පටු මාක්‌ස්‌වාදී පාරභෞතිකවල සිරවී සිටි මිචෙල් ෆූකෝ (1926-1984) වැන්නන්ට සිත් සේ ලෝකය හා ඉතිහාසය විනිවිදින්නට අවශ්‍ය අදහස්‌ හා උත්තේජනය ලබා දුන්නේය. (ඊesඑල S ) ණැකකබැරල Dල 1991ල චල 35)ල 1971 දී තම "නිට්‌ෂේ, ප්‍රවේණිය හා ඉතිහාසයේ (භසැඑzsජයෑල ඨැබැදකදටහල Hසිඑදරහ) නැමැති තීරණාත්මක ලිපියේ ෆූකෝ පවසන්නේ "වංශාවලී කථනය මුල් උපත් (දරසටසබි) සඳහා වන සෙවීමට (seaරජය) විරුද්ධ වන බව" ය. වටිනාකම්වලට හරයක්‌ (esseබජැ) නොතිබෙන බවත් ඒවාහි හරය අද්භූත ආකෘතිවලින් ගෙන කොටස්‌ වශයෙන් තබන විලාසිතාවකින් ගොතා ඇති බවත්" එමඟින් එළි කරන්නේය. (Fදමජ්කඑල ඵසජයෑකල ( 1977) භසැඑzsජයෑල ඨැබැදකදටහ Hසිඑදර හ ෂබ ඛ්බටම්ටැග ඤමබඑeර පැපදරහල ඡර්ජඑසජැථ seකැජඑed Essaහි aබා ෂබඑeරඩසැඅsල (ed) DගFග ඊදමජය්රාල ඤරබැකක ඹබසඩැරිසඑහ ඡරුssල චචග140-141) තවද ඔහුට ම "පදනම් ගොඩනැඟීම වෙනුවට මේ තාක්‌ සෙළවිය නොහැකි ලෙස සිතූ දෙය, "කළඹන" වංශාවලිකථනය, "ඥානය සාපේක්‌ෂ බව" ද කල්පනා කරන්නේය. (එම. ච 156)

වංශාවලිකථනය හා බුදුන් වහන්සේ

වංශාවලි කථනය නිට්‌ෂේගේ වචනයෙන් "වටිනාකම්වල පැන නැඟීම හා වර්ධනය ප්‍රශ්න කිරීම" හරහා ඒවාහි පදනනම් සෙළවීම පිළිබඳ ක්‍රමවේදය බුදු දහම මඟින් පාරභෞතික විනාශ කිරීමේ දී නිතර නිතර යොදා ගත්තක්‌ බව පෙන්වා දීම මෙහි දී වැදගත්ය. ඇතැම් අවස්‌ථාවක එය විශ්ලේෂණාත්මක ප්‍රවේශය වූ අතර විටෙක ප්‍රතිප්‍රශ්න (පටිපුච්ඡා) ප්‍රවේශයට වූවේය. පුද්ගලයා හෝ කර්තෘ හෝ ආත්මය පිළිබඳ පාරභෞතිකය බිඳීමේ දී බුදුන් වහන්සේ විශ්ලේෂණාත්මක ක්‍රමය යොදා ගත්තේය. ඒ අනුව බුදුන් වහන්සේ පවසන්නේ පුද්ගලයා තුළ නියත වශයෙන්ම "සංස්‌කාර ගොඩක්‌ (එකතුවක්‌) පමණක්‌ මිස පුද්ගලයෙක්‌ යන්නක්‌ නොපවතින" (උපුටා දක්‌වා ඇත්තේ,දකාeබඉeරටල Hල 1882ල චල 270.) බවය. මෙම කාර්යයේ දීම ප්‍රතිප්‍රශ්න ක්‍රමය යොදා ගත් වැදගත් අවස්‌ථාවක්‌ ම-ජිම නිකායගත වංකි සූත්‍රය දේශණාවෙහි සඳහන්ය. එම සූත්‍රය මඳක්‌ දික්‌ වූවද, එමඟින් අපගේ සාකච්ඡාවට පතිත කරන පැහැදිලි ආලෝකය සලකා ප්‍රමාණවත් ලෙස, එහෙත් හැකිතාත් සංක්‍ෂිප්තයෙන් දැක්‌වීමට පහත කටයුතු කෙරේ.

"ඉක්‌බිති කාපඨික තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. භවත් ගෞතමයන් වහන්ස, මේ මෙසේය. මෙය මෙසේ යෑයි පරම්පරාවෙන් කොටස්‌ වශයෙන් ආවා වූ බමුණන්ගේ පුරාණ වූ යම් මන්ත්‍ර පදයක්‌ වේද, එහි දී බමුණෝ මෙයම ඇත්තය. අනික බොරු යෑයි ඒකාන්තයෙන්ම නිගමනයට බසිති. භවත් ගෞතමයන් වහන්ස, මේ කරුණේ දී කුමක්‌ කියන සේක්‌ද? භාරද්වාජය, කිමෙක්‌ද? බමුණන් අතුරින්, මෙය මම දනිමි. මෙය මම දකිමි. මෙයම ඇත්තය. අනික බොරු යෑයි මෙසේ කියූ යම් ඒ බමුණකු ද ඇත්තේ ද? භවත් ගෞතමයන් වහන්ස, මෙසේ යම් කිසි එකදු බ්‍රාහ්මණයකු ද නැත්තේ මය. භාරද්වාජ, ගෞතමයන් වහන්ස, මෙසේ යම් කිසි එකදු බ්‍රාහ්මණයකු ද නැත්තේම ය. භාරද්වාජය, කිමෙක්‌ද? බමුණන් අතුරෙන් සත්වැනි මීමුතු ආචාර්යවරයාගේ පරම්පරාව දක්‌වා මම මෙය දනිමි. මෙය මම දකිමි. මෙය ම සත්‍යය. අනික හිස්‌ යෑයි මෙසේ කියූ යම් කිසි එක්‌ ආචාර්යවරයකුදු නැත්තේමය.

භාරද්වාජය, කිමෙක්‌ද? ගායනා කරන ලද කියන ලද යහපත් සේ එක්‌ කොට තැබූ යම් ඉසිවරුන්ගේ පුරාණ වූ වේද මන්ත්‍ර පදයක්‌ වේද, දැන් වනාහි බමුණෝ මෙය, ඒ අනුව ගායනා කරත්ද ඒ අනුව කියත් ද කියූ දෙය අනුව කියත්ද කියවන ලද්ද අනුව කියත්ද තිබෙන ලද්ද අනුව කියවත්ද, වේද මන්ත්‍ර කර්තෘ, වේද මන්ත්‍ර පවත්වන්නා වූ බමුණන්ගේ යම් ඒ පෙර ඉසිවරු වූවාහු ද ඔවුහු අටවකය. වාමනය (බුදුන් වහන්සේ නම් කරති) යන මොවුහුය. අපි මෙය දනිමු. අපි මෙය දකිමු. සත්‍යය මෙයය. අනික හිස්‌ යෑයි ඔවුහු හෝ කීවාහුද? භවත් ගෞතමයන් වහන්ස, ඔවුහු හෝ මෙසේ නො කීවාහුය.

භාරද්වාජය, මෙසේ වනාහි බමුණන් අතුරෙන් මම මෙය දකිමි. මම මෙය දකිමි. මෙය ම සත්‍යය. සෙස්‌ස හිස්‌ යෑයි කියූ යම් කිසි එක්‌ බමුණකුදු නැත්තේය.

භාරද්වාජය, යම් සේ උණ ගස්‌වලින් කළ අත්වැල අල්වාගෙන ගමන් කරන්නා යන්න වූ කන්හු මුලින් යන්නා නොදකියි ද, මැදින් යන්නා නොදතියි, අගින් යන්නා නොදකියිද, භාරද්වාජය, මෙ පරිද්දෙන්ම ම ආදිමයා නොදන්නා වූ, මධ්‍යමයා නොදන්නා වූ, අන්තිමයා නොදන්නා වූ බමුණන් කියන ලද දෙය "අන්ධවේණු" උපමාව ඇති කෙරේ යෑයි හඟිමි. භාරද්වාජය, ඒ කිමැයි හැඟෙන්නේ ද? මෙසේ ඇති කල්හි බමුණන්ගේ අමූලික වූ ශ්‍රද්ධා (මබදෙමබාed ජදබඩසජඑසදබ) ඇතිවෙන්නේ නොවේද?

භවත් ගෞතමයන් වහන්ස, මෙහි බමුණෝ ශ්‍රද්ධාව ම ඇසුරු නො කෙරෙති. බමුණෝ මෙහි පරම්පරාගත කථාව ද ඇසුරු කෙරෙති.

භාරද්වාජය, නුඹ පෙර ම වනාහි ශ්‍රද්ධාවම පැමිණියෙහිය. දැන් පරම්පරාගත කථාව කියන්නෙහිය. භාරද්වාජය, යම් ධර්මයෝ පස්‌ දෙනෙක්‌ මේ ආත්මයෙහි දෙවැදෑරුම් විපාක ඇත්තේ වෙයි. ඒ කවරහුද ශ්‍රද්ධාව, රුචිය, පරම්පරාගත කථාව, යහපත් කල්පනාව, නිවැරැදි අදහස්‌ ඇති කර ගැනීමේ කැමැත්ත යන මොවුහුය. සත්‍ය රකින්නා වූ නුවණැති පුරුෂයා විසින් මේ කරුණු වලින් සත්‍ය මෙයය, අනික හිස්‌ යෑයි ඒකාන්තයෙන් නිගමනයට බැසීමට අසමත් වෙයි.

භවත් ගෞතමයන් වහන්ස, කොපමණකින් සත්‍ය රකින්නේ වේද? භාරද්වාජය, ඉදින් පුරුෂයාට ඇදහීම (ශ්‍රද්ධාව) වේද, මාගේ ඇදහීම මෙසේ යෑයි කියන්නා ද, සත්‍ය ඇදහීම රකියි. එහෙත් එපමණකින් මෙය ම සත්‍යය. අනෙක හිස්‌ යෑයි නිගමනයකට ඒකාන්තයෙන් නො පැමිණෙන්නේමය. (මනි, චංකීසුත්ත - මෙම සූත්‍රයෙහි සංක්‍ෂිප්තයක්‌ (දකාeබඉeරට) විසින් තම (ඊමාdය්) කෘතිය තුළ ද දක්‌වා ඇත. (ඡල 170) මෙම කෘතිය නිට්‌ෂේ විසින් කියවන ලද බව තහවුරු ව තිබේ. විස්‌තර සඳහා බලන්න. පශ්චාත් නූතනවාදය වළ සහ විල (2009)

චංකී සූත්‍රගත දේශනාවලින් බුදුන් වහන්සේ කාරණා කිහිපයක්‌ ම ගෙනහැර පාති. නීට්‌ෂේගේ වංශාවලි කථනය තුළින් පූකෝ පවසන මුල් උපත සඳහා වන සෙවීමට එරෙහි වීම, වටිනාකම්වලට හෝ විශ්වාසවලට හරයක්‌ නැති බව හා ඒවා අද්භූත ලෙස ගොතා ඇති බව පෙන්වීම, පදනම් ගොඩනැඟීම වෙනුවට මේ තාක්‌ මුදවන ලදුව තිබූ පදනම් සෙළවීම හා කැළඹීම, දැනුම සාපේක්‍ෂ බව පෙන්වා දීම හා (ඒ අනුව) ලෝකයට නිට්‌ෂේ කී ලෙස ම, "අනන්ත අර්ථකථන තිබිය හැකි" (Fඋ 374 - ඪදකමපැ 2ල චචග 249-250) බව යන කාරණාය.

මෙනයින් බලන විට ඩෙරිඩා විසින් හයිඩෙගර්ස්‌ ගේ Destruktion පදය හරහා තනාගත් විසංයෝජනය දීර්ඝ ඉතිහාසයක්‌ සහිත සංකල්පයක්‌ බව පැහැදිලි වේ. මේ අතර මෙම සංකල්පය තමා විසින් ප්‍රථම වරට යොදා ගන්නේ සිය  කෘතියේ බවද ඩෙරිඩා ප්‍රකාශ කරන්නේය.

විසංයෝජනයේ අවශ්‍යතාව

විසංයෝජන සංකල්පයේ අවශ්‍යතාව ඩෙරිඩාට දැනෙන්ට වූයේ එවකට බටහිර දර්ශන වෙළාගෙන පැවැති ව්‍යqහවාදී නැඹුරුවට ප්‍රතිචාරයක්‌ ලෙසය. විශේෂයෙන්ම  වැනි චින්තකයන්ගේ සත්තාව පිළිබඳ අදහස්‌, ඩෙරිඩා විසින් නොරිස්‌සූ බව කෘතියෙන් පෙනේ. ඩෙරිඩාට අනුව "පොදුවේ අනුභූතිය පිළිබඳ සංකල්පය, හා විශේෂයෙන් හුසල්ගේ ලෝකෝත්තර අනුභූතිය පිළිබඳ සංකල්පය, සත්තාව පිළිබඳ තේමාව තුළින් පාලනය වන්නකි. එය ඡායාව ඌනනය කිරීමේ ක්‍රියාදාමයේ නියෑළෙන්නේය. හුසල් අප කැඳවා ගෙන යන්නේ ලෝකෝත්තර අනුභූතියේ විශ්වීය හා පරම ස්‌වාභාවය වූ ජීවත් වන සත්තාව  වෙතය." එපමණක්‌ නොවේ. "සෑම ද්වන්ධ වරණයක්‌ම, ආත්මයේ හෝ සාරයේ අමරණීයත්වය පිළිබඳ සෑම න්‍යායක්‌ ම සේම, න්‍යායත්මක හෝ ග්‍රාම්‍ය වූ අද්වයිත වාදයන්, ආධ්‍යාත්මිකවාදීන්, භෞතිකවාදීන්, යන සෑම දෙනෙක්‌ම, ස්‌වකීය සමස්‌ත ඉතිහාසය ම ඡායාව ඌනනය කිරීම වෙතට යැමට බලපෑම් ලද භෞතික විද්‍යාවක අසහාය තේමාවන් බව"  ඩෙරිඩා පවසන්නේය. තවද "පූර්ණ සත්තාව වෙත ඡායාව යටත් කිරීම  දේවවාක්‍ය තුළ එකතුව පැවැති බවද"  මෙම විද්‍යාවන්හි විශ්වාසය වූවේය.

Destruktion (විසංයෝජනය) නැමැති සංකල්පය ප්‍රථම වරට යොදා ගන්නා දෙ ඨර්පප්එදකදටහ කෘතියේ, අවසාන ඉලක්‌කය වූයේ මෙකී සත්තාවන්ට බැඳ තිබූ බටහිර ශිෂ්ටාචාරය ඒවායින් ලිහා දැමීමය. කොටින්ම ඩෙරිඩාට එහි දී විසංයෝජනය පෙරට ගෙන ඒමට අවශ්‍ය වන්නේ එකී අරමුණු ඉටුකර ගැනීමටය. ඩෙරිඩාම ලියන පරිදි "සමීපතාව" ආසන්නතාව හා සත්තාව යන වචනවලින් කෙනකු වටහා ගන්නේ යෑයි සිතන දෙය අවුල් කිරීම, මෙම කෘතියේ අවසාන අරමුණ වන්නේය." (එම) මෙකී සත්තාවන් විසංයෝජනය කිරීම, විඤaඤdණය විසංයෝජනය කිරීම හරහා ම සපිරෙන්නේය හා ඒ නිසා ම, නීට්‌ෂේගේ හා ප්‍රොයිඩ්ගේ කතිකාවල පෙනෙන පරිදි, ඌනනය කළ නොහැකි ඡායාව පිළිබඳ සංකල්පය හරහා ද විසංයෝජනය වන්නේය. (එම)

විසංයෝජනය පිළිබඳ සංකල්පයට සමීප වීමට අප විසින් මෙම විග්‍රහයේදී නොයෙක්‌ පැති යොදා ගැනුණි. එහි දී ප්‍රථමයෙන්ම විසංයෝජනයේ පොදු නිර්වචනය ඉදිරිපත් විය. එම ප්‍රයත්නය තුළින් පැහැදිලි වූයේ විසංයෝජනය යනු ඒ එකක්‌ හෝ නොවන බවය. දෙවනුව, විසංයෝජනය ඩෙරිඩා වෙත පැමිණි ආකාරය හරහා එහි ඉතිහාසයට විමසිලි ඇසක්‌ යොමු කෙරුණි. තෙවනු ව සාකච්ඡා වූයේ විසංයෝජනයේ ගොදුරු ක්‌ෂේත්‍රය යි. එහි දී අදාළ සංකල්පය හරහා ඩෙරිඩා විසින් අපේක්‌ෂා කරන ලද කාර්යභාරය හඳුනාගැනීම ද සිදුවිය. එහිදී පැහැදිලිs වූයේ විසංයෝජනයේ අරමුණ "සත්තාව" අවුල් කිරීම බවය. විඤaඤdණය, විසංයෝජනය කිරීම හරහා එකී අවුල් කිරීම සිදුවන බවද ඩෙරිඩා තුළින්ම පැහැදිලි වූයේය. කෙසේ වෙතත්, මේ අතරතුර විසංයෝජනය යන්න තාමත් නිවැරදි ලෙස පැහැදිලි වී නැති බව අපගේ විශ්වාසය වේ. අප සාකච්ඡා කළේ විටෙක විසංයෝජනය යනු නොව (නො) යනු කුමක්‌ ද හා විටෙක විසංයෝජනය ගැන තොරතුරුය. ඒ අනුව දැන් අප උත්සාහ කරන්නේ විසංයෝජනය යනු කුමක්‌ද යන්න විමර්ශනය කිරීමය.

විසංයෝජන යනු කුමක්‌ද?

ඩෙරිඩාට අනුව "විසංයෝජනය" සිද්ධ  වන්නේය. එය වුවමනාව සවිඥානිකත්වය. කර්තෘ කෙනෙකුගේ සංවිධානත්වය... පතා නොසිටින සිදුවීමකි.  යමක්‌ පවතින තැනක්‌ වේද ඒ සැම තැනක ම විසංයෝජනය සිද්ධ වන්නේය. එය වර්තමාන පොත්ගුළු අර්ථයෙන්, අර්ථයට ( හෝ කෘතියට පමණක්‌ සීමා වූවක්‌ නොවේ.

ඉතිරි නොකර ම ඩෙරිඩා කීවේය. විසංයෝජනය සිද්ධ වන්නේය. එය කිසිවකුගේ හෝ කිසිදු බලවේගයක මැදිහත් වීමකින් තොරව සිදු වන්නේය. එම සිදුවීම සංවිධාන කරන හෝ හසුරුවන හෝ මෙහෙය වන කෙනෙක්‌ ද නැත. එය සංවිධානය කිරීම හෝ මෙහෙයවීම සිදුවන්නේ නම් අදාළ සංවිධායකයා හෝ මෙහෙයුම්කරුවා ද විසංයෝජනය වීමට නියමිතය. මන්ද ඔහු හෝ ඇය ද ඩෙරිඩා පවසන "යමකට" අයත් බැවිනි. ඩෙරිඩා විසින් විසංයෝජනය විශ්ලේෂණය මෙවලමක්‌ හෝ ක්‍රමවේදයක්‌ හෝ විධික්‍රමයක්‌ ලෙස භාවිත කිරීමට එරෙහි වන්නේ මෙකී පදනම මත සිටය. මේ අනුව "විසංයෝජකයන්  හෝ විසංයෝජනවාද  (පිළිගත් බොහෝ විමර්ශන) මූලාශ්‍රවල "විසංයෝජකයන්" හා "විසංයෝජනවාද" දැකගත හැකිය. ඇතැම් තැනක ඩෙරිඩා හැඳින්වෙන්නේ "මහා විසංයෝජකයා" ලෙසය. (විස්‌තර සඳහා බලන්න. ඔයෑ දංදෙරා Eබටකසිය dසජඑසදබ්රහ (1989) 2 බා edසඑdසදබල ඪදකථ ෂඪ ජක්‌රුබාදබල ඡරුssග ධංදෙරාල චල 346) එවැනි දෙය කිසිසේත් ම පැවතිය නොහැකිය. එවන් "විසංයෝජකයකු" වීමට නම් ඔහු ප්‍රථමයෙන් විසංයෝජනය නොවී සිටිය යුතුය. එහෙත් සියල්ල විසංයෝජනය වන අතරතුර ඔහු ද අපද මම ද ඔබද විසංයෝජන නැමැති "මහා කම්පනය" හෝ භූමිකම්පාව" (ඔS 9) තුළට හසුවන්නේය. විසංයෝජනය කෙරෙන් ගැලවෙන හෝ බේරී පලා යන කිසිවක්‌ ම විශ්වය තුළ දක්‌නට නොලැබේ. විසංයෝජනය නිර්වචනය කිරීමේ දී ඩෙරිඩාට බලපෑ එකම දුෂ්කරතාව වූයේද මෙකී සියල්ල විසංයෝජනය වීම කාරණයයි. එනම් "විසංයෝජනය නිර්වචනය කිරීම සඳහා භාවිත කරන විශේෂණ පද, සියලුම නිර්වචනීය සංකල්ප, සියලු කෝෂගත සංඥාකරන හා වාක්‍ය විචාරාත්මක උච්ඡාරණ යන සියල්ල ද විසංයෝජනයට ලක්‌ වීමය. විසංයෝජනය විය හැකි වීමය.

ඩෙරිඩා සාර්ථකය. අවම වශයෙන් ඔහුගේ පඨිතය තුළ සාර්ථකය. පෙර සාකච්ඡා කළ පරිදි විසංයෝජනය හරහා ඩෙරිඩා අපේක්‌ෂා කළේ සත්තාව  නැමැති පාරභෞතිකය අවුල් කිරීමය. කොටින්ම විසංයෝජනය හරහා එය සිදුවන්නේය. මන්ද නිරන්තරයෙන් වෙනස්‌ වෙමින් පවතින ලෝකයක සත්තාවන් හෝ තිරව පවතින පැවැත්මක්‌ තිබිය නොහැකි වීමය.

විසංයෝජනය හා අනිත්‍ය

අනිත්‍ය යන්න කුමක්‌දැයි බුදුහු තේරුම් කරති. "බ්‍රාහ්මණය, එය සියල්ල තමා වෙතට කැටි කොට ගෙන දෙගොඩ තලා වේගයෙන් ගලා බස්‌නා ශිඛර ගංගාවක්‌ වැනිය. එය නවත්නා මොහොතක්‌, ක්‌ෂණයක්‌ හෝ තත්පරයක්‌ නැත්තේය. නොනැවතීම ගලා යේ" (උපුටා දක්‌වා ඇත්තේ, Raයමක්‌ල උල 1972ල චග25)) උප්පාද ඨීති භංග වශයෙන් අන්තැනෙක ලෝකය විග්‍රහ කළ ද එහි එන ඨති වශයෙන් වූ අවස්‌ථාවක්‌ පරමාර්ථය වශයෙන් දක්‌නට නැත. මන්ද අනවතරයෙන් ගලා යන දෙයක නැවැත්මක්‌ නොමැති නිසාය. එහෙත් බෝමැඩ අසල දී පහළ වූ ලෞකිකාතික්‍රාන්ත ප්‍රඥාව ගැබ්කර දැක්‌වීමට තරම් පෘථග්ජන භාෂා සංකේත ප්‍රමාණවත් නොවන නිසාම එසේ ඨිති අවස්‌ථාවක්‌ හඳුන්වා නොදී සිටිය නොහැකි වූවේය. සත් සතිය පුරාම විටෙක බුදුන් වහන්සේ කල්පනා කළේ මෙකී ගැටලුවය. ඒ නිසා ම ලෝකය පිළිබඳ අනිත්‍යතාව අන්තැනක විස්‌තර කරන කල්හි බුදුන් වහන්සේ රට්‌ඨ පාලකයන්ට පවසන්නේ ලෝකය එකම සන්තතියක  පවත්නා බවය. (උපුටා දක්‌වා ඇත්තේ, Raයමක්‌ල උල 1972, චග 26 දකාeබඉeරටල Hල 1882ල චල 259) කරුණු එසේ හෙයින් අනිත්‍යය. යනු විශ්වය තුළ පවත්නා අසංඛත නිර්වාණය හැර සියලුම සංස්‌කාරයන්ගේ නිරන්තර වෙනස්‌ වීමය.

ඒ අනුව අනිත්‍යය යනු විසංයෝජනය සේම ද සිද්ධ වන දෙයකි. එය කිසිවකු විසින් මෙහෙය වන හෝ සංවිධානය කරන සිදුවීමක්‌ නොවේ. අනිත්‍යය තෙමේ ම සිද්ධ වන්නේය. ප්‍රවාහයක්‌ කවුරුන් හෝ විසින් මෙහෙය විය යුතු නැත්තේය.

ලෝකය ම ප්‍රවාහයක්‌ නම්, එකී ප්‍රවාහය තුළින් එක්‌ කුඩාම කුඩා අංශුවක්‌ ගෙන බැලුවද සමස්‌ත ප්‍රවාහය ම එහි පැවතිය යුතුය. නමුත් එය අපගේ රළු බුද්ධියට හසු නොවන්නකි. එසේ හසු නොවීමට හේතුව ඉන්දියානුසාරී බුද්ධිය සම්බන්ධ දුබලතාව බව බුදු දහම පවසන්නේය. (කරුණාරත්න, ඩබ්ලිව්. එස්‌. 1987, චල 34) නීට්‌ෂේ ද ඊට එකඟ වනු පෙනේ. ඔහුට අනුව "බොහෝ ඵලයන් හටගන්නා ශීඝ්‍රතාව ම අප මුළාවට පත් කරන්නේය. එය අපට ක්‍ෂණයකි. එහෙත් මේ ක්‍ෂණය තුළ අප ඇසට නොපෙනෙන අනන්ත ක්‍රියාවලියක්‌ සිදු වේ". ඩෙරිඩා පවසන පූර්ණ සත්තාව පිළිබඳ පාරභෞතිකය මුළුමනින්ම අනතුරට හෙළන්නේ ඉහත කී ක්‍ෂණය තුළ ද සිදුවන අපගේ ඇසට නොපෙනෙන අනන්ත ක්‍රියාවලිය ම වන්නේය. වර්තමානය හෙවත් සත්තාව ග්‍රහණය කිරීමට උත්සාහ කරන මොහොතක්‌ මොහොතක්‌ එය පමා වන්නේය. එසේ ග්‍රහණය කිරීමට කරනු ලබන සෑම උත්සාහයක්‌ම අතිශයින්ම අර්ථශූන්‍ය වන්නේ එසේ උත්සාහ කරන්නාද ඔහුගේ සිතුවිලි ද විඤaඤdණය ද අනිත්‍යතාවයේ ගොදුරක්‌ වන නිසාය.

නිගමනය

අනිත්‍ය හා විසංයෝජනය යන සංකල්ප හෝ තත්ත්ව දෙකම පරීක්‍ෂාකර බලන විට ඒවා එකිනෙකින් වෙනස්‌වන මූලික වෙනස්‌කම් කිසිවක්‌ හඳුනාගත නොහැක. ඊට හේතු ලෙස අප දකින්නේ ඩෙරිඩා විසින් හයිඩෙගර් වෙතින් නීට්‌ෂියානු අරුත් රැගත් Destruktion හරහා Deජදබිඑරමජඑසදබ තනා ගැනීමයි. එහෙත් එය එසේ කීම ප්‍රමාණවත් නැත. මන්ද ඩෙරීඩා හයිඩෙගර්ට තිබූ සම්බන්ධය සෘජුව ම නීට්‌ෂේටද තිබුණේය. ඩෙරීඩාගේ Sචමරිථ භසැඑzsජයෑ. s Sඑහකැs (1979) නම් කෘතිය ඊට සාක්‍ෂි සපයයි. ඔහුගේ එම පඨිතට අනුව Deජදබිඑරමජඑසදබ සංකල්පයේ පුරෝගාමියා නීට්‌ෂේය. (Deරරසාaථ 1979ල 23) රිචට්‌ රෝටි පවසන්නේ, ඩෙරීඩාගේ බොහෝමයක්‌ ම කෘති ඉදිරියට ගෙනයන්නේ නීට්‌ෂේ විසින් ආරම්භ කළ චින්තන රේඛාව ම බව ය. රෝaටිට අනුව, "එම චින්තන රේඛාව, බටහිර ලෝකයා විසින් ප්ලේටෝගෙන් උරුම කරගත් හා මේ තාක්‌ යුරෝපියානු චින්තනය අරක්‌ගෙන සිටි ප්ලේටෝවාදය දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කිරීමෙන් හැඩවැඩ වන්නේය. " Rදරඑහල Rසජය්රාල (1995) Deජදබිඑරමජඑසදබසිඑථ ඔයෑදරහථ ඔයෑ Caපඉරසාටැ Hසිඑදරහ දෙ ඛසඑdeර්රහ Cරසඑසජසිපල ඩදකල 8 Fරදප Fදරප්කසිප එද ඡදිඑරමජඑමර්කසිපල Caපඉරසාටැ ඹබසඩැරිසඑහ ඡරුss)

කරුණු මෙසේ හෙයින් ඩෙරීඩා විසින් හයිඩෙගර් වෙතින් බලාගනුයේ අනිත්‍ය සංකල්පයම ය. එසේ ලබා ගත් පසු ඩෙරීඩා අදාළ සංකල්පය තමාට අවශ්‍ය පරිදි හැඩ ගැසුවේය. එහි දී ඔහුට සෘජුව ම නීට්‌ෂේ කියවීමෙන් අදාළ සංකල්පය තවදුරටත් පෝෂණය කරගැනීමේ අවස්‌ථාව ලැබුණේය. ඒ අනුව එම සංකල්පය හයිඩෙගර්ගේ සීමා සහිත Desඑරමනඑසදබ වෙතින් එපිට ගොස්‌ ඩෙරීඩා හරහා එහි නියම අනිත්‍ය සංකල්පයේ රුවගුණ වෑහෙන්නට විණි. තම නව සංකල්පයේ කාර්යසාධනය මගින් ඩෙරීඩා කොතරම් උද්දාමයට පත්වූයේද කිවහොත් ඔහු විසින් එය තම මූලික කාර්යය වූ කෘති විචාරයට පමණක්‌ සීමා නොකොට යමක්‌ තිබෙන ඕනෑම තැනකට අදාළ බව" ප්‍රකාශ කරන ලදී. විටෙක එහි දී ඩෙරීඩා විසින් සංකල්පය නොව, සංකල්පය විසින් ඩෙරීඩා ව එම තත්ත්වයට ගෙනවිත් තිබිණි. ඩෙරීඩා එසේ බෞද්ධ අනිත්‍ය ධර්මයේ ගොදුරක්‌ බවට පත්වන්නේ ඔහුගේම අනුදැනුමකින්ද තොරවය. කෙසේ වෙතත් මේ අනුව "සියලු සංස්‌කාරයන් අනිත්‍ය බව ප්‍රකාශ කිරීම තුළ ඩෙරීඩා විසින් විසංයෝජනයට දෙන ලද සියලු අරුත් අයත් වන්නේය. ඒ අනුව විසංයෝජනය යනු හයිඩෙගර් - නීට්‌ෂේ හරහා ඩෙරීඩාට පැමිණි අනිත්‍යතාව හෝ වෙනත් වචනයකින් කිවහොත් පටිච්චසමුප්පාදය පිළිබඳ ධර්මය ම වන්නේය.

(නීට්‌ෂේගේ බරපතල බෞද්ධ සම්බන්ධය වැඩිදුරටත් විමර්ශනය කිරීමට අවැසි පාඨකයා අපගේ පශ්චාත්නූතනවාදය වළ සහ විල (2009) කෘතිය වෙත යොමු කෙරේ.)

මහින්ද පතිරණ
කථිකාචාර්ය, සබරගමුව විශ්වවිද්‍යාලය


උපුටා ගැනිම http://www.divaina.com/2009/07/15/feature01.html