ලංකාව තුළ වම.......කියවමු

ධනේශ්වර ක්‍රමයට තවදුරටත් ඉදිරියට යන්න බෑ
පාලනයෙන් ඉවත් කරන්න බැහැයි කියූ
පාලකයන්ට ගෙදර යන්න කාලය ඇවිත්
ජවිපෙ 6 වැනි මහා සමුළුවේදී සෝමවංශ අමරසිංහ කියයි

රාජපක්‍ෂ රජයට මේ රට අඟලක්‌වත් ඉදිරියට ගෙන යා නොහැකියි
ටිල්වින් සිල්වා

සිරිමන්ත රත්නසේකර

"පවුල් බලයට, ඒකාධිපතිත්වයට, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයන්ට, අධිරාජ්‍යවාදයට තවදුරටත් මේ මහ පොළොවේ ඉඩක්‌ නැහැ. ධනේශ්වර ක්‍රමය තවදුරටත් ඉදිරියට යා නොහැකියි. සමාජවාදය ස්‌ථාපිත කිරීමේ සංධිස්‌ථානයකට ලොවම පැමිණ තිබෙනවා"යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය.

ලොව පුරා හමා යන නව දේශපාලන රැල්ලෙන් මිදීමට වත්මන් මහින්ද රාජපක්‍ෂ පාලනයට නොහැකි බවත් ඉන් මිදීමට වත්මන් පාලකයන් සිතන්නේ නම් එය දවල් හීනයක්‌ බවත් හෙතෙම පැවසීය.

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා එම අදහස්‌ පළ කළේ ඊයේ (10 වැනිදා) කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පැවැති එම පක්‍ෂයේ හැට වැනි මහ සමුළුව අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනතා විමුක්‌ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා මෙසේද පැවසීය.


ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා සමුළුව ඇමැතූ අයුරු සහ
සමුළුවට සහභාගි වූ පාක්‌ෂිකයන්ගෙන් කොටසක්‌ ඡායාරූපයේ දැක්‌වේ.
පින්තූරය - නිහාල් චන්ද්‍රකුමාර

අප රට තුළින් බිහිවූ ශේ්‍රෂ්ඨතම විප්ලවවාදියා වන රෝහණ විඡේවීර සහෝදරයා නිර්මාණය කළ මෙම පක්‍ෂයට වසර 46 ක්‌ ගතවී තිබෙනවා. එම කාලය තුළ අප පක්‍ෂය ජයග්‍රහණ, පරාජයන් හා පසුබෑම් වලට ලක්‌ වුණා.

මුළු දිවයින පුරාම රතු කොඩිය එසවිය හැකි පක්‍ෂයක්‌ තිබෙනවා නම් ඒ ජනතා විමුක්‌ති පෙරමුණ පමණයි. අනෙකුත් සමාජවාදී පක්‍ෂ මෙරට ක්‍රියාත්මක වුවත් යථාර්ථය එයයි.

පසුගිය වසර 46 තුළ අප පක්‍ෂය සමාජයේ සියලු ස්‌ථරයන්ට අපගේ මතය ගෙන ගියා. සමාජයේ අයිතිවාසිකම් වෙනුවෙන් අප නිරතුරුව සටන් කළා. මෙම වකවානුව තුළ අප පක්‍ෂයට විශාල කාර්යභාරයක්‌ පැවරී තිබෙනවා. රට පාලනය කළ සියලු පක්‍ෂ අප රට අසමත් කර අවසන්. එහෙයින් රටට අලුත් ගමනක්‌ අවැසි වී තිබෙනවා.



මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රජයට රට සංවර්ධනය කරා රැගෙන යැමට හෝ රට තුළ සංහිඳියාව ඇති කිරීමට නොහැකියි. අනෙකුත් ප්‍රධාන පක්‍ෂයන්ටත් ඒ සඳහා කටයුතු කළ නොහැකියි. එක්‌සත් ජාතික පක්‍ෂය තුළ ඇති අර්බුදය තවමත් ඔවුන්ට අවසන් කරගැනීමට නොහැකිවී තිබෙනවා. ඡන්ද ප්‍රමාණයෙන් අඩු වුවත් රට තුළ ඇති හොඳම සංවිධානයක්‌ සහිත පක්‍ෂය ජනතා විමුක්‌ති පෙරමුණ පමණයි.

ජනතාවට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීමට ප්‍රධාන පක්‍ෂ දෙකටම හැකියාවක්‌ නැහැ.

රට තුළ ඇතිවී ඇති තත්ත්වය පිළිබඳ ජනතාව විමතිය පළ කරනවා. ජනාධිපතිවරයා දැන් පවසනවා ජනප්‍රිය නොවන තීන්දු ගත යුතු බව. මාධ්‍යවේදීන්, විරුද්ධවාදීන් මර්දනය කරමින් සිටිනවා. ඒ පිළිබඳ නිසි විනයක්‌ නැහැ. මෙරට අධිකරණ පද්ධතිය තුළ නිර්මාණය වෙමින් පවතින තත්ත්වය බුද්ධිමත් ජනතාව විශ්මයට පත් කර තිබෙනවා.

මෙරට සිදුවන සියලු උද්ඝෝෂණ විරෝධතා පිටුපස ජනතා විමුක්‌ති පෙරමුණ සිටින බව රජය පවසනවා. ශිෂ්‍ය ව්‍යාපාරය පිටුපස සිට එය මෙහෙය වන්නේ ජ.වි.පෙ. යෑයි චෝදනා කරනවා. අප ආණ්‌ඩුවට කියනවා අප පිටුපස සිට කිසිවක්‌ මෙහෙය වන්නේ නැති බව. අපි නිරතුරුව ජනතාව, ශිෂ්‍යයන් ඉදිරියට ගොස්‌ ඔවුන් මෙහෙය වන බව පැවසිය යුතුයි.






ධනේෂ්වර ක්‍රමයේ මූලික ලක්‍ෂණය අසමාන සංවර්ධනයයි.ඒ අනුව අසමානතා නැති කළ නොහැකියි. අසමානකම් නැති කරන්නනම් ධනේශ්වර ක්‍රමය නැති කළ යුතුයි. ඒ සඳහා දේශීය හා විදේශීයව විශාල අභියෝග තිබෙනවා. ධනේශ්වර ක්‍රමයේ දුර්වලතා ධනේශ්වර ක්‍රමය නැති කර සමාජවාදය ස්‌ථාපිත කිරීමේ පරිසරය නිර්මාණය කර දී තිබෙනවා.

අප පක්‍ෂයේ වැටුප් ලබන මහජන නියෝජිතයන් නැහැ. ඊනියා නිදහසින් පසු ජරාජීර්ණ වූ දේශපාලනයට නව ජීවයක්‌ එක්‌ කළේ ජවිපෙ අපියි. අප මහජන නියෝජිතයකු වංචාකාරයකු, දූෂකයකු යෑයි හැකිනම් ඔප්පු කර පෙන්වන්න යෑයි මම අභියෝග කරනවා. රෝහණ විඡේවීර සහෝදරයා ගොඩනැඟූ දස දහස්‌ ගණන් තරුණ තරුණියන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් පෝෂණය වූ අප පක්‍ෂය එම දිවි දුන් විරුවන්ගේ ගෞරවය සැමදා රැකීමට කටයුතු කරනවා.

රටේ ජනතාව ආර්ථික හා දේශපාලන ප්‍රශ්න ගණනකට මැදිවී තිබෙනවා. ආණ්‌ඩුව විසින් සිර ගත කර සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පමණක්‌ නෙමෙයි සිරගත කර තිබෙන්නෙ. ඔහුට ඡන්දය දුන් සැවොම මෙන්ම සමස්‌ත රටවැසියාවම ආණ්‌ඩුව සිරකර තිබෙනවා.

තවදුරටත් පවුල් බලය, ඒකාධිපතිත්වය, ප්‍රජාතන්ත්‍ර විරෝධීත්වය මේ මහපොළොව මත වලංගු නැහැ. ධනේශ්වර ක්‍රමය තවදුරටත් වලංගු ක්‍රමයක්‌ නෙමෙයි. ජනතාව නිසි තැනට දැන් පැමිණ තිබෙනවා. බැමි කඩාගෙන ඉදිරියට විත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට අපට ශක්‌තිය තිබෙනවා. පීඩාවට පත්ව ඇති සියලු ජනතාවට ජනතා විමුක්‌ති පෙරමුණ සමග එක්‌ව සටන් කළ හැකියි.

ජාතික සංහිඳියාව ඇති කිරීමට සමානාත්මතාව ඇති කළ යුතුයි. රාජපක්‍ෂ පාලනයට එය කළ නොහැකියි. අප පක්‍ෂය නිර්මාණය වී වසර 46 ක්‌ ගෙවී ගියා. එළැඹෙන්නේ 47 වැනි වසරයි. ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත රටක්‌ තුළ 7 වැනි මහ සමුළුව පැවැත්වීමට කටයුතු කළ යුතුයි.

පාලනයෙන් ඉවත් කරන්න බැහැයි කියූ පාලකයන්ට ගෙදර යන්න වන කාලයක්‌ එළැඹ තිබෙන්නේ. ලෝක දේශපාලනයේ එය දක්‌නට තිබෙනවා. එම තත්ත්වය මෙරටටත් වලංගුයි. අප රට පසු කර ඊට ඉහළින් එම දේශපාලන රැල්ල යා නොහැකියි. වත්මන් පාලනයත් ඒ රැල්ලට හසු වෙනවානේ. ඒ සඳහා අප කටයුතු කරනවා. ජයග්‍රහණය ලබා ලොවටම ආදර්ශයක්‌ වන්න අප කටයුතු කරනවා. ධනේශ්වර ක්‍රමය ලොවින් අතුගා දැමෙන කාලය වැඩි ඈත නැහැ. ජනතාව පෙළන, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලකයන් එකා පිට එකා වැටෙමින් සිටිනවා.

ජනතා විමුක්‌ති පෙරමුණ්‌ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා(

ජනතා විමුක්‌ති පෙරමුණේ අපි මෙම 6 වන මහා සමුළුව පවත්වන්නේ දේශීයවත්, ජාත්‍යන්තරවත්, අධිරාජ්‍යවාදය බරපතල බලපෑමකට ලක්‌ව ඇති මොහොතකයි 1948 අප රට ලද ඊනියා නිදහසෙන් පසු 63 වසරක වංචාවේ හා බොරුවේ දේශපාලනය නිමාකර, නව ප්‍රභාෂ්වර සමාජයක්‌ නිර්මාණය කිරීමට අවැසි ශක්‌තිය නිර්මාණය කරන සමුළුවක්‌ ලෙස මෙය 6 වන ජාතික සමුළුව හැඳින්විය හැකියි.

ඇතිවී ඇති තත්ත්වය තේරුම් ගෙන නව සමාජයක්‌ නිර්මාණය කිරීමට අවශ්‍ය, ශක්‌තිය, ධෛර්ය හා යෝජනා අදහස්‌ රැස්‌ කිරීම මෙම මහා සමුළුවේ ප්‍රධාන අරමුණයි.

මහා බලවතුන්ගේ සංගම්වලට පවා කිසිවක්‌ කරගත නොහැකි තත්ත්වයක්‌ නිර්මාණය වෙලා තිබෙනවා. පීඩාවට එරෙහිව ජනතාව ලෝකය පුරාම එක්‌ පෙරමුණකට පැමිණ තිබෙනවා.

ග්‍රීසියේදී, ප්‍රංශයේදී, මහා බ්‍රිතාන්‍යයේදී ඇමෙරිකාවේදී මෙම සටන් අපට දක්‌නට ලැබෙනවා. උතුරු අප්‍රිකාවේ, මැදපෙරදිග දැවැන්ත මහජන උද්ඝෝෂණ ඇතිවී තිබෙනවා. ලෝකය තුළ දැවැන්ත මහජන අරගලයක්‌ බිහිවී තිබෙනවා. ලෝකයේ අනෙකුත් රටවල එය ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මෙම මිහිතලය තුළ තවදුරටත් අධිරාජ්‍යවාදයට, සමාජ අසාධාරණයට තැනක්‌ නොමැති බව මෙමගින් දක්‌නට තිබෙනවා. එහෙයින් ලෝක වමේ ව්‍යාපාරය ඉදිරියේ ධනවාදයේත්, අධිරාජ්‍යවාදයෙත් ගමන නිමා කිරීමට අභියෝගය තිබෙනවා.

ලංකාවේ ප්‍රබල ධනවාදී ක්‍රමය තවදුරටත් ඉදිරියට යා නොහැකි තත්ත්වයක්‌ ඇතිවී තිබෙනවා. මේ රට මහින්ද රාජපක්‍ෂ රජයට අඟලක්‌වත් ඉදිරියට ගෙන නොහැකි තත්ත්වයක්‌ උදාවී තිබෙනවා. ඉතිහාසය දෙස බැලීමේදී එය මනාව පසක්‌ වෙනවා.

ටියුනීසියා රාජ්‍යයේ බෙන් අලිලාට සිදුව ඇති තත්ත්වය මෙරට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සිදුවෙමින් තිබෙනවා.

තමන්ට සැප වාහන ගේනකම් ඉවසන්න බැරි ඇමැතිවරු ජනතාවට ඉවසන්න කියනවා. අප ඉදිරියේ තිබෙන්නේ චෞර ආණ්‌ඩුවක්‌.

දුබල පසුගාමී ආර්ථික ක්‍රමයට ජාතික ආර්ථිකයක්‌ හදන්න බැහැ. ඔවුන් කැසිනෝ ආර්ථිකයක්‌ නිර්මාණය කරනවා. සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් රට උගසට තැබීමට රජය කටයුතු කර තිබෙනවා. කැසිනෝ තනියෙන් පවත්වාගෙන යන්න බැහැ. ඒ සඳහා සූදුව, සුරාව, ගණිකාවන් අවශ්‍ය වෙනවා. අප ඉදිරියේ ඇත්තේ එවන් තත්ත්වයක්‌.

මේ ආණ්‌ඩුවේ මර්දනකාරී පිළිවෙත දැඩිවෙලා. සිරගත කර සිටින සරත් ෆොන්සේකා මහතා ඊට හොඳම උදාහරණයක්‌ ආණ්‌ඩුවේ මිනීමරුවන්ගේ මිනීමැරුම් චෝදනා නීතිපතිවරයා ලවා ඉවත්කර ගන්න ආණ්‌ඩුව තමන්ට අභියෝගයක්‌ වූ සරත් ෆොන්සේකා මහතාට අසාධාරණ ලෙස හිරකරගෙන තිබෙනවා.

යුද්දෙන් පසු කාලය අණ්‌ඩුවේ නොහැකියාව පෙන්වා තිබෙනවා. ලෝකය පුරාම නව දේශපාලන තත්ත්වයක්‌ නිර්මාණය වී තිබෙනවා. ආණ්‌ඩුවේ නොහැකියාව වසා ගන්න දැන් යුද්ධයක්‌ නැහැ. ඒ නිසා ආණ්‌ඩුවේ නොහැකියාව වසා ගැනීමට නොහැකි වී තිබෙනවා. ආණ්‌ඩුවේ මතවාදය එක්‌ව පරාජය කිරීමේ වටපිටාව නිර්මාණය වී තිබෙන බව අවධාරණය කළ යුතුයි.

මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජවිපෙ මධ්‍ය කාරක සභික විජිත හේරත්, කියුබානු කොමියුනිස්‌ට්‌ පක්‍ෂය වෙනුවෙන් මෙරට කියුබානු තානාපතිනි නිර්සියා කස්‌ත්‍රො ගෙවෙරා, චීන කොමියුනිස්‌ට්‌ පක්‍ෂය වෙනුවෙන් ගත් තාවෝ, සයිප්‍රසයේ ප්‍රගතිශීලි කම්කරු පක්‍ෂයේ මධ්‍යම කමිටු සාමාජික ජොර්ජියෝස්‌ සොෆොක්‌ලිව්ස්‌, ස්‌වීඩන් වාමාංශික පක්‍ෂයේ ජාත්‍යන්තර අංශයේ ලේකම් ඈන් මාගරිනා ලිවික්‌, සමස්‌ත ඉන්දීය පෙරටුගාමී පක්‍ෂයේ ජාත්‍යන්තර අංශයේ ලේකම් පී. දේවරාජන්, ඉතාලියේ ජාත්‍යන්තර කොමියුනිස්‌ට්‌වාදීන්ගේ සංගමයේ ක්‍රිස්‌ටියානා අගොස්‌තිඤොaඤොa යන මහත්ම මහත්මීන් ඇතුළු කිහිප දෙනෙක්‌ කථා කළහ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස්‌, අර්ජුන රණතුංග යන මහත්වරු ද අනෝමා ෆොන්සේකා මහත්මිය ද ජනතා විමුක්‌ති පෙරමුණේ විශාල පිරිසක්‌ද මේ අවස්‌ථාවට එක්‌ව සිටියහ.

පින්තුර






උපුටා ගැනිම http://www.divaina.com/2011/02/11/news17.html



---------------------------------------------------------------------------------------------

 වමේ පත්තර වලට යොමු

http://www.jvpsrilanka.com/en