අතීත අනාගත අසමමිතිය

මහාචාර්ය නලින් සිල්වා
අර්නස්ට්මාක්නම් දාර්ශනිකයා හා භෞතික විද්යාඥයා කියා සිටියේ ඉන්ද්රිය ගෝචර නො වන සංකල්ප ඇසුරෙන් බටහිර භෞතික විද්යාව සූත්රගත නො කරන ලෙස . එනම් බටහිර භෞතික විද්යාව විස්තර කිරීමේ දී තේරුම් කර දීමේ දී ඉන්ද්රිය ගෝචර නො වන සංකල්ප යොදා නො ගන්නා ලෙස . මාක්විද්වතා පරමාණු පමණක්නො අවස්ථිති සමුද්දේශ රාමු යොදා ගැනීමට විරුද්ධ වූයේ ඉන්ද්රිය ගෝචර නො වන බැවිනි. අප ගැන වැඩිදුරටත් සාකච්ජා කිරීමට පෙර කුණ්ඩලනී යෝගය ආදී පෙරදිග දැනුම සම්බන්ධ කරගනිමින් කාලය පිළිබඳ තවත් යමක්සඳහන් කළ යුතු .
කුණ්ඩලනී යෝගයට එළඹි යෝගියකුට භව ගණනක්ගෙවී ගිය අතීතය මතක්කරගත හැකි . එහෙත් එයින් කියෑවෙන්නේ එවැන්නකුට අතීතයට යා හැකි බව නො වේ. අතීතයට යැම යන්න අර්ථ රහිත . අතීතය වර්තමානයේ දී අනාගතයේ දී මතක්කරගත හැකි . එහෙත් අතීතය අතීතයේ දී මතක්කර ගැනීමට නොහැකි . යමකුට අඩු තරමින් කලින් දිනට යා නොහැකි . එයට ප්රධාන හේතු වනුයේ කලින් දින අදාළ සිද්ධිවලට සහභාගී වූවන්ට තැන්වලට පැමිණීමට නොහැකි වීම . එහෙත් අපට අතීතය මතක්කර ගැනීමේ බාධාවක්නැත. පුද්ගලයා ගේ ස්මරණ ශක්තිය අනුව අතීතය මතක්කරගත හැකි . අප බොහෝ දෙනකුට අපේ ළදරු වියේ සමහර සිද්ධි මතක්කරගත හැකි . එහෙත් අපෙන් අති විශාල බහුතරයට අප මවු කුස සිටි ආකාරය පිළිබඳ කිසිදු මතකයක්නැත.
මේ කරුණෙන් අපට තවත් වැදගත් දෙයක්කිව හැකි . අපට යමක්මතක නැති පමණින් එවැන්නක්සිදු නො වී යෑයි නිගමනය කළ නොහැකි . අප සියල්ලන්ට පාහේ මවුකුස සිටි ආකාරය මතක නැති නිසා අප මවුකුස නො සිටියේ යෑයි නිගමනය කළ නොහැකි . එමෙන් අප සියල්ලන්ට පාහේ පෙර ආත්මභාව අමතක බැවින් පෙර භවයන් නො තිබිණි යෑයි නිගමනය කළ හැකි නො වේ.
අතීතය යම් ප්රමාණයකට අපට මතක්කරගත හැකි වුව අප කිසිවකුට වත් අතීතය වෙනස්කළ නොහැකි . වෛදික යෝග අභ්යාස මාර්ගයෙන් නො වුණ බෞද්ධයනට භවනානුයෝගී වීමෙන් අතීතය මතක්කරගත හැකි . බුදුන් වහන්සේට අවශ් නම් කල්ප ලක් ගණනාවක්අතීතය දැකීමේ හැකියාව තිබිණි. සියලු ජාතක කතා පෙර භවවලට සම්බන්ධ . වර්තමානයේ මේ තැනැත්තා පෙර භවයක අහවලා යෑයි බුදුන් වහන්සේ නොයෙකුත් අවස්ථාවල දේශනා කර ඇත. එයින් අදහස්වන්නේ කාලය යනුවෙන් සංකල්පයක්තිබෙන බව නො වේ. වෙනත් වචනවලින් කිව හොත් සෘජුව හෝ වක්රව හෝ ඉන්ද්රිය ගෝචර කාලයක්ඇති බවක්එයින් නිගමනය කළ නොහැකි . එමෙන් භවයෙන් භවයට යන ආත්මයක්ගැන ඉන් නො කියෑවෙයි.
අපට අපේ ශක්ති ප්රමාණ අනුව අතීතය මතක්කර ගත හැකි වුව අතීතය වෙනස්කළ හැකි නො වේ. එසේ අතීතය වෙනස්කළ හැකි නම් කුමක්සිදු වේ ? එවිට එතැන් සිට අප වෙනස්විය යුතු . එයින් අදහස්වන්නේ අද අප ජීවත් වන වර්තමානය අපට අහිමි වී අපට වෙනත් වර්තමානයක්ලැබෙන බව . පෙර භවවලට නො ගොස්අපේ එදිනෙදා අත්දැකීම්වලට සීමා වෙමු. අහවල් ක්රීඩකයා අහවල් උඩපන්දුව රැක ගත්තේ නම් අපේ කණ්ඩායමට තරගය දිනාගත හැකි තිබිණි යෑයි අපි කියමු. අප කිසිවකුට දැන් අතීතයට ගොස් වෙනස්කිරීමේ හැකියාව තිබිණි යෑයි සිතමු. අතීතයට යැම යනු අවස්ථාවට අප සියලු දෙනා රැගෙන යැම . එසේ සියලු දෙනා අතීතයට රැගෙන ගොස් උඩපන්දුව රැක්කවී යෑයි සිතමු. එහෙත් ඉන්පසු කුමක්සිදු වීමට තිබිණි දැයි අපි දනිමු ?
අපට කිව හැක්කේ තරගය වෙනස්මඟක යැමට අවස්ථාව සැලසුණු බව පමණ . සමහර විට අපේ කණ්ඩායමට තරගය දිනා ගැනීමට හැකි වීමට තිබිණි. උඩපන්දුව රැකගත්ත තවත් උඩපන්දු කිහිපයක්පසුව ගිලිහීමෙන් අපේ කණ්ඩායම පරාජය වීමට තිබිණි. උඩපන්දුව හා අවස්ථා කවරේ දැයි අපි නො දන්නෙමු. අදාළ උඩපන්දුව රැකගැනීමෙන් පසුව වෙනත් තරගයක්ක්රියාත්මක වෙයි. එහෙත් නව තරගය ක්රියාත්මක කළ නොහැකි බව අපි දනිමු. එකී උඩපන්දුව අත්හැරීම නිසා කම්පනයට පත් මිය ගිය අයකු උඩපන්දුව රැක්කවීම නිසා නැවතත් ජිවත් වන්නේ ? පුනරුත්පත්තියක්‌, පුනර්භවයක්ගැන විශ්වාසයක්නොමැත්තකුට වුවත් ප්රශ්නය අදාළ .
අතීතය මතක්කරගත හැකි වුවත් අතීතය වෙනස්කළ නොහැකි . අතීතය හේතුවෙන් වර්තමානය ඇති වී තිබේ. අතීතය නො වන්නට මේ වර්තමානය නැත. හේතු නිසා මේ මේ ඵල ඇති වෙයි. හේතු නො වන්නට මේ මේ ඵල නොමැත. අපට ඇත්තේ එවැනි හේතු ඵල ධර්මතාවක්මිස ඊනියා කාලයක්නො වේ. බුදුන් වහන්සේ අතීතය දුටු නමුත්, එනම් අතීතය මතක්කරගත් නමුත් අතීතය වෙනස්නො කළ . සත්ත්වයා කෙරෙහි මහා කරුණාවක්දැක්වූ බුදුන් වහන්සේ සත්ත්වයා ගේ යහපත පිණිස අතීතය වෙනස්කළ හැකි වී නම් අතීතය වෙනස්නො කර සිටිනු ඇත් ?
බුදුන් වහන්සේ අතීතය වෙනස්නො කළ අනාගතය වෙනස්කළ . අතීතය සිදු වී හමාර . එහෙත් අනාගතය ගැන කිව හැක්කේ සිදු වීමට හැකි බව පමණ . අද භාවිත කරන සංකල්ප යොදා ගන්නේ නම් අනාගතය සිදුවීමට ඇත්තේ සම්භාවිතාවකි. අවශ් නම් වෙනස්කළ හැකි . අහිංසක හෙවත් අංගුලිමාල තම මව මරා ආනන්තරීය පාප කර්මයක්කිරීමට සූදානම් සිටියේ . බුදුන් වහන්සේ බව දුටු සේක. එහෙත් අනාගතයට අයත් සිදුවීම තවමත් සිදු වී නැති බැවින් වෙනස්කිරීමේ හැකියාව තිබිණි.
මව මැරී නම් අංගුලිමාල දීර්ඝ කාලයක්අපාගත වීමට තිබිණි. එහෙත් ඔහු කුසල් පිරූ පුද්ගලයෙක් විය. ඔහුට නිවන් අවබෝධ කර ගැනීමේ හැකියාව විය. බුදුන් වහන්සේ තීරණාත්මක දිනයේ ලෝ සතුන් කෙරෙහි මහා කරුණාවෙන් ලොව බලන කල දුටුවේ මේ තුං මං හන්දියේ සිටි අංගුලිමාල . බුදුන් වහන්සේ අංගුලිමාල ගේ අනාගතය තීරණය කිරීමේ දී මැදිහත් වූ . ආනන්තරිය පාප කර්මයක්කිරීමට සිටි අංගුලිමාල නිවන් අවබෝධ කළේ . අනාගතය ගැන අපට නියත වශයෙන් යමක්කීම උගහට . අසවල් සිද්ධිය සිදුවීමට අසවල් සම්භාවිතාව ඇතැයි යන්න හැරෙන්නට අපට කිව හැකි දෙයක්නැත.
අනාගතය දැක වෙනස්කිරීමට බුදුන් වහන්සේ ක්රියා කළ ආකාරයට අපට ක්රියා කළ නොහැකි වුවත් අපි අපේ මෙන් අන් අය ගේ අනාගතය වෙනස්කරන තීරණ ගනිමු. අපට විකල්ප ක්රියා මාර්ග දෙකක්හෝ වැඩි ගණනක්හෝ ඇති විට අපි එක්විකල්පයක්තෝරා ගනිමු. එසේත් නැත හොත් වෙනත් අයකුට එලෙස එක්විකල්පයක්තෝරා ගැනීමට උපදෙස්දෙමු. එවැනි අවස්ථාවල දී අපි අනාගතය වෙනස්කරමු. එනම් අනාගතය ආකාරයෙන් (වෙනත් ආකාරයකින්) නො මේ ආකාරයෙන් සිදු විය යුතු යෑයි තීරණය කරමු. අනාගතය යම් ප්රමාණයකට අපට සකස්කරගත හැකි . එහෙත් අපට අතීතය අපට අවශ් අන්දමට තීරණය කළ නොහැකි . අතීතය සිදු වී අවසන් . අතීතය, අතීතයට අයත් වෙයි.
එහෙත් සාමාන් ලෝකයේ අනාගතය ගැන අපට යම් යම් තීරණ ගත හැකි . අනාගතය තවම සිදු වී නැත. අපට අනාගතය ගැන කිව හැක්කේ සම්භාවිතා යොදා ගනිමිනි. එහෙත් මේ සම්භාවිතා ක්වොන්ටම් භෞතිකයේ සම්භාවිතාවලට වඩා වෙනස්වෙයි. හෙට ඉර පායන බවට අපට ඇත්තේ තදබල විශ්වාසයකි. එසේ නො වීමටත් ඉඩ ඇත. එහෙත් සඳහා ඇති සම්භාවිතාව ඉතා කුඩා .
සාමාන් ලෝකයේ ඕනෑ අවස්ථාවක එක්කෝ ඉර පායා ඇත. නැත්නම් ඉර පායා නැත. ඉර පෑයූ මෙන් ඉර නො පෑයූ අවස්ථාවක්එහි නො වේ. එහෙත් ක්වොන්ටම් භෞතිකයේa එවැනි අවස්ථා ඇත. ඉර පායා ඇත් දැයි දැන ගැනීමට අප නිරීක්ෂණයක්කළ යුතු . නිරීක්ෂණයෙහි ප්රතිඵලයක්ලෙස ඉර පායා ඇත් එසේත් නැත්නම් ඉර පායා නැත් යන්න දැනගත හැකි . නිරීක්ෂණය කරන තෙක්ඉර පායා ඇත් නැත් යන්න අපට දැනගත නොහැකි . අපට කිව හැක්කේ ඉර පෑයීමට අසවල් සම්භාවිතාව ඇති බව පමණ . වාසනාවකට ඉර ක්වොන්ටම් අංශූවක්නො වන බැවින් එවැනි තත්ත්වයකට මුහුණ පෑමට අපට සිදු නො වෙයි.
කෙසේ වෙතත් නිව්ටෝනීය හෙවත් සම්භාව් භෞතිකයේ මෙන් ක්වොන්ටම් භෞතිකයේ අනාගතය නිශ්චිතව කිව නොහැකි . එහෙත් සැම තැන අතීතය නිශ්චිත . සිදු වී අවසාන . කාලය සම්බන්ධයෙන් එවැනි අසමමිතික බවක්අතීතය හා අනාගතය සම්බන්ධයෙන් පවතියි. ජ්යෙdතිෂයෙහි අනාගතය සම්බන්ධයෙන් නිශ්චිත යමක්කිව නොහැකි . එහි දී කෙරෙන්නේ වෙනත් හේතු කිසිවක්නැත්නම් යම් අයකුට හුදු ග්රහ බලපෑම් නිසා මෙවැනි අනාගතයක්තිබීමට ඉඩ ඇතැයි පැවසීම . ග්රහ බලපෑම්වලට අමතරව තවත් හේතු රාශියක්ඇති බැවින් යමකු ගේ අනාගතය ගැන ජ්යෙdතිෂයෙන් කළ හැක්කේ මඟපෙන්වීමක්පමණි.
කාලය සම්බන්ධයෙන් එවැනි අසමමිතික බවක්තිබිණි , අවකාශය සම්බන්ධයෙන් එවැන්නක්කිව නොහැකි . මෙහි දී අයින්ස්ටයින් විද්වතා අවකාශය සම්බන්ධයෙන් කියා ඇති කරුණක්සිහියට නැඟෙයි. ඔහු කියා ඇත්තේ අවකාශය සම්බන්ධයෙන් කිසි සංකල්පයක්තනා ගැනීමට නොහැකි බව . මේ පිළිබඳ විස්තරයක්කිරීමට මේ අවස්ථාව නො වේ. එහෙත් කිව යුත්තක්නම් ද්රව්යයෙන් හා කිරණයෙන් වියුක් වූ අවකාශයක්‌aa යන්න සංකල්පයක්ලෙස ඉදිරිපත් කළ නොහැකි බව . එවැනි අවකාශයක්නිරීක්ෂණය කළ නොහැකි වන්නේ නිරීක්ෂකයකු අවකාශයට ගිය වහා අවකාශයෙහි යමකු ඇති බැවින් තවදුරටත් ඉහත කී අර්ථයෙන් අවකාශයක්නො වන බැවිනි.
අයින්ස්ටයින් විද්වතාට ඉතා තියුණු වියුක් මනසක්තිබූ බව කීම අවශ් නො වේ. ඔහු අවකාශය සංකල්පයක්ලෙස ඉදිරිපත් කිරීමේ ගැටලුව තේරුම් ගත්තාට සැකයක්නැත. අවකාශය සංකල්පයක්ලෙස ඉදිරිපත් කිරීම ගැටලු සහගත වුවත් එහි එක්තරා ආකාරයකින් සමමිතියක්ඇත. අවකාශයෙහි වමක්‌a දකුණක්‌, උඩක්පහතක්‌, ඉදිරියක්පසුපසක්ආදී වශයෙන් සමමිතිකයක්ඇත. අපට අවකාශයේ දී වම දකුණින් හෝ ඉදිරිපස පසුපසින් හෝ වෙනස්යෑයි ගත හැකි නො වේ. ස්ථානීය වශයෙන් වෙනස්කම් තිබුණ විශ්වීය වශයෙන් ගත් කල අවකාශයෙහි එවැනි වෙනස්කම් නැතැයි සැලකෙයි. එහෙත් කාලය සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක්? එහි දී කාලයෙහි ඉදිරිපස (අනාගතය) පසුපස (අතීතය) සමඟ සමමිතික නො වේ. අවකාශය ගැන සංකල්පයක්ඇති කර ගැනීම ගැටලුවක්නම් කාලය පිළිබඳ සංකල්පයක්ඇති කර ගන්නේ කෙසේ ?