ලෝක විනාශය හෙවත් බුදුන් පහළ වීම

2012 - 12- 21 දින සිදුවනවා යයි කියන ලෝක විනාශයක් පිළිබදව අනතුරු අගවමින් පලකර ඇති ලිපි පමණක් නොව සිනමා කෘතියක් ගැන ද මේ දිනවල අසන්නට දකින්නට ලැඛෙයි. ලෝක විනාශය ගැන ලියා ඇති සහ තවමත් ලියවෙමින් පවතින ලිපි කියවීමෙන් මිනිස් සත්වයෝ බියටත්, එමගින් මානසික අවපීඩනයටත් පත් වී ඇති බැවින් ඔවුන් එයින් ගලවා ගැනීම සදහා සත්ය හෙලිදරව් කිරීම මෙම ලිපියේ අරමුණයි.

භෞතික විද්යාවඥ්ඥයෝ දාර්ශණිකයෝ සහ ආගමික සාතෘවරු බාහිර ලෝකයක් පිළිගෙන එම ලෝකයේ ඇති වීමක් සහ නැති වීමක් ගැන දේශණා කරති. ඔවුන්ගේ දේශණා වලට අනුව ලෝකය විනාශ වන කාලය ආසන්නව පවතී. මෙම ධර්ම අසා එම ධර්ම පිළිගත්තෝ බියට පත්වෙති. බුදුන් දවස ද මේ ආකාරයම ලෝක විනාශයක් ගැන අසා බියට පත් වූ ජනයා බුදුන් කරා පැමිණ පිළිසරණක් සෙවූ හ. —ලෝකයත් ලෝක නිරෝධයත් තමන්ගේ බඹයක් පමණ වූ ශරීරය තුල පනවමි.˜ යයි ගෞතම බුදුන් වහන්සේ දේශණා කල සේක. බාහිර ඇතයි පිළිගත් ලෝකය නිර්මාණය කරගන්නේ තමන්ගේ මනසිනි. අනුන්ගෙන් අසා දැන ඉගෙන ගත් දැනුමකින් මෙම බාහිර ලෝකය තමන් නිර්මාණය කරගන්නේ කෙසේ ද යන්න —භෙතික විද්යාාවේ අසත්යු පදනම හෙවත් මනසින් සාදාගත් ලෝකය˜ නැමති ලංකාදීපයේ පල වූ මෙම ලියුම් කරුගේ ලිපියෙන් විස්තර කර ඇත.

අළුත උපන් කුඩා දරුවාට ලෝකයක් නැත. ඔහුට හෝ ඇයට තවමත් චින්තනය නිර්්මාණය වී නොමැති බැවිනි. ලෝකයක් නැති කුඩා දරුවාට ලෝක විනාශයකුත් නැත. එමනිසා දරුවාට බියකුත් නැත. කුඩා දරුවාට නොමැති බිය වැඩිහිටි අපට ඇති වූයේ කෙසේ ද? බාහිරින් ඉගෙනගත් දැනුම පිළිගත් නිසා නොවේ ද? —2012 දී සිදුවනවා යයි කියන ලෝක විනාශය˜ අසා බියට පත් වන්නේ එම ධර්ම පිළිගත් නිසා ය. මෙවැනි ධර්මයක් ඔබ නොදැන සිටියේ නම් බියක් ඇතිවෙනවා ද?

අනුන්ගෙන් අසා දැනගත් මෙම දැනුම සත්යදය ද? අපට තිඛෙනවා යයි පෙනෙන්නේ අපගේ ඉන්ද්රිෙයන් පිටතට යොමු කර අප විසින්ම සාදාගත් ලෝකයකි. නමුත් අවාසනාවට කරුණ නම්, සියළුම පෘතජන දේශකයෝ තම චින්තනය හරහා බාහිර ලෝකයක් පිළිගෙන එම ලෝකයේ ආරම්භයක් හා විනාශයක් ගැන දේශණා කරති. එතැනින් නොනැවතී එයට පිළියම් ද දේශණා කරති. විවිධ වූ ක්රිැයාමාර්ග තම අනුගාමිකයින්ට උගන්වති. තමන් විසින් නිර්මාණය කරගත් ලෝකය විනාශ වනවා විනා, විනාශ වන්නට බාහිර ලෝකයක් නැති බව මෙම දේශකයෝ නොදනිති.

බාහිර ලෝකය පිළිගත් පෘතජන පුද්ගලයා එම ලෝකයේ විනාශයද පිළිගත් නිසා බියට පත්වෙයි. බාහිර ලෝකය යනු තම මනසින් සාදාගත් මායාවක් බව දකින සත්යශ දුටුවා වූ යමෙක් ලෝකය දැක ලෝකයෙන් එතෙර වෙයි. සියළුම දෘෂ්ඨි වලින් නිදහස් වූ ඔහු හෝ ඇය ලෝක විනාශය ද දැක ලෝක විනාශයෙන් නිදහස් වෙයි.

ලෝකයේ උපත කුමක් ද? මායාවක් වූ මෙම ලෝකය ඔබ නිර්මාණය කරගන්තේ ගුරු දෙමව්පිය ඇතුළු බාහිර පුද්ගලයන්ගෙන් අසා දැනගත් දැනුමෙනි. මෙම දැනුම නිසා සිතුවිලිත් කාලයත් තමන් විසින්ම නිර්මාණය කරගත් බව මා විසින් මීට ඉහත පලකරන ලද ලිපිවලින් පෙන්වා දී ඇත. කාලය යනු පිළිගැනීමකි. කාලය පිළිගැනීම නිසා මිනිස් සත්වයා අතීත වර්ථමාන සහ අනාගත කාලයට අසුවී ඇත. කුඩා දරුවාට නැති ලෝකය වැඩිහිටියෙක් බවට පත්වන විට නිර්්මාණය වන්නේ දැනුම පිළිගැනීමත් එමගින් කාලයට අසු වීමත් නිසා ය.
ලෝක විනාශය නම් කුමක් ද? ඔබ මෙතෙක් කල් බාහිර ලෝකයක් පිළිගෙන එම ලෝකයේ විනාශයක් පිළිගත්තේ ය. නමුත් තමන් නිර්මාණය කරගත් ලෝකයත් එහි විනාශයත් දුටුවේ නැත. ලෝක විනාශය යනු අනෙකක් නොව තමන් පිළිගත් කාලයෙන් නිදහස් වීමයි. අතීත වර්ථමාන අනාගත තුන් කාලයෙන් ම නිදහස් වූ විට, ලෝකයෙන් ද ලෝක විනාශයෙන් ද නිදහස් වෙයි. ලෝකය පිළිගැනීම නිසා උරුම වූ ජාති ජරා ව්යාගධි මරණ වලින් ද මිනිස් සත්වයා නිදහස් වෙයි.

2012 දී ලෝකය විනාශ වනවා යයි කියන අනාවැකියෙන් අපට කියාදෙන පනිවිඩය කුමක් ද? විනාශ වන්නට බාහිර ලෝකයක් නැති බැවින් විනාශ වන්නේ තමන් නිර්මාණය කරගත් ලෝකයයි. ලෝකය නිර්මාණය කරගන්තේ තමන් විසින් අනුන්ගෙන් ඉගෙන ගත් ධර්ම වලින් බව දැක, ඔබ තුල බිය නැති කල හැක්කේ —බුද්ධ ප්රමඥ්ඥාවට˜ පමණි. 2012 දී ලෝක විනාශය සිදුවන්නේ යයි යන අනාවැකිය සත්යධ නම් එහි තේරුම 2012 න් පසු —බුද්ධ ප්රගඥ්ඥාව˜ පහළ වන බවයි. නමුත් (බාහිර ලෝකය ඔබ විසින් නිර්මාණය කරගත්තක් බැවින්) ඔඛෙන් බාහිර බුදුකෙනෙක් පහළ වන්නේ ද නැත. එසේනම් සිදුවන්නේ කුමක් ද? 2012 න් පසු ඔබ බුද්ධත්වයට පැමිණෙයි. ඔබ බුද්ධත්වයට පැමිණි පසු මායාවක් වූ ලෝකයත් මහා භද්ර කල්පයත් විනාශ වී යයි. ධර්ම පිළිගැනීමෙන් බිය උපදී. ධර්මය දැකීමෙන් මෙතෙක් බිය ඉපිද වූ ධර්මයෙන් ද, ධර්මයෙන් නිර්මාණය කරගත් කාලයෙන් හා මරණයෙන් ද නිදහස් වෙයි.

ආචාර්ය තිස්ස සේනානායක
ලංකා දීප ඉරිදා පත්රවයේ පල කරන ලද ලිපියකි. "